slc
Home   |    News
දෙසැම්බර් 3, 2020
අවිශ්කගේ ‘ගිණිකෙළි’ ඉනිමෙන් ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියටම

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

අවිෂ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුකගේ ගිණිකෙළි සංදර්ශනයක් බඳු පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (03 දා) සමත්විය.

දෙපිළේම සිව්වැනි තරගය බවට පත් වුණු මෙම තරගයේදී  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය අඛණ්ඩ සිව්වැනි ජය වාර්තා කොට සිය අපරාජිත භාවය රැක ගැනීමට සමත් වද්දී මෙතෙක් ජයග්‍රහණයක් අත්කර ගැනීමට අපොහොසත්ව සිටින ගෝල් ග්ලැඩියේටර් පිලට අත්වූයේ පිට පිටම සිව්වැනි පරාජයයි. 

ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භයේ සිටම මනා විශ්වාසයකින් පන්දුවට පහර දීම කැපී පෙනුණි. දෙවැනි කඩුල්ල සඳහා පන්දු 62 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවූ අවිශ්ක සහ භානුක පන්දු 2 ක් ඉතිරිව තිබියදී ලබාගත් ජයග්‍රහණයට මූලික අඩිතාලම එක් කළහ. දුර්වල පන්දු දුටු විට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ අවිශ්ක පන්දු 59 කදී ලකුණු 84 ක් ලබා ගත්තේ තරගාවලියේ දෙවැනි අර්ධ ශතකයටද හිමිකම් කියමිනි. 

අකිල ධනංජය විසින් ක්‍රියාත්මක කරන ලද 13 වැනි පන්දුවාරයේ පළමු පන්දු 3 ටම හයේ පහර 3 කින් සංග්‍රහ කළ තවමත් 22 හැවිරිදි අවිශ්ක සිය ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කරගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් මිනෝද් භානුක පන්දු 26 කදී ලකුණු 40 ක් ලබාගත්තේය.

ස්ටැලියන්ස් ජයග්‍රහණය සඳහා අවසන් පන්දු18 දී ලකුණු 24 ක් ලබාගත යුතුව තිබූ නමුත් 18 වැනි පන්දුවාර යැවූ වේග පන්දු යවන ධනංජය ලක්ෂාන් එතෙක් වෙලා පන්දුවට පහර දෙමින් සිටි අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ල ද සමඟින් එම පන්දුවාරය ලකුණු 5 කට සීමා කිරීමට සමත්වීම නිසා දෙපිළටම තරගය යළි විවර විය.

ග්ලැඩියේටර් පිලේ පළපුරුදුම පන්දු යවන්නා වන මොහොමඩ් ආමර් යැවූ 19 වැනි පන්දුවාරයේදී හතරේ පහර 4 ක් එල්ල කිරීමට වනිඳු හසරංග සමත්වීම නිසා ඊට පෙර ඕවරයේ ජයග්‍රහණය දෙපිළටම දෝලනය වූ තරගයේ වැඩි වාසි ජැෆ්නා ස්ටැලියන්ස් වෙත යොමු විය.

කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දීමට පිටියට පැමිණි ධනුෂ්ක ගුණතිලක පෙර තරග 3 පරිදිම ගෝල් ග්ලැඩියේටර් පිලේ කොඳු නාරටිය බවට පත්වූවේය. මුහුණ දුන් 36 වැනි පන්දුවේදී සිය දෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත් හැඩකාර වමත් පිතිකරුවා පළමු පන්දුවාරයේදීම දුවද්දී දවා ගැනීමේ පහසු අවස්ථාවක් ලබා දුන් නමුත්, පන්දුව රැගෙන කඩුල්ල වෙත පැමිණි ධනංජය ද සිල්වාට කඩුල්ල බිඳ දැමීමට නොහැකි වීම මත 15 වැනි පන්දුවාරය තෙක් සිය ඉනිම දීර්ඝ කරගැනීමට වාසනාව ලැබිණ. 

ධනුෂ්කගේ පිතිහරඹය හේතුවෙන් ග්ලැඩියේටර් පිල කිසියම් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්වූ නමුත් ලකුණු 8 ක් ඇතුළත කඩුලු 3 ක්දවා ගැනීමට වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා සමත්වීම නිසා එතෙක් ලකුණු ලබා ගැනීමේදී පවත්වාගෙන රිද්මය ඔවුන්ගෙන් ගිලිහී ගියේය. 

එහිදී ප්‍රථමයෙන්ම පන්දු 14 ක් තුළ ලකුණු 25 ක් ලබා ගත් අසාම් ඛාන්ව දවා ගත් වනිඳු ඊළඟ පන්දු වාරයේදී ධනුෂ්ක ගුණතිලකව දවා ගත්තේය. ඒ අතරතුර අනෙක් අන්තයෙන් පන්දු යැවු ධනංජ ද සිල්වා නායක භානුක රාජපක්ෂගේ කඩුල්ල දවා ගත්තේය.

භානුකගේකඩුල්ල ධනංජය විසින් දවා ගනු ලැබුවත් එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ තිසර පෙරේරාටය. දණහිසෙන් පහළ ප්‍රදේශයට ධනංජය විසින් එවන ලද ෆුල්ටොස් පන්දුවකට භානුක එල්ල කරන ලද පහර තිසර පන්දු රකිමින් සිටි ෂෝට් කවර් කළාපයට අඩි හත අටකට ඈතින් ඇදී ගිය අතර එකෙනෙහිම ක්‍රියාත්මක වුණු තිසර ගුවනේ පාවෙමින් එය රැක ගනු ලැබුවේ ඇසිල්ලක් බඳු වේගයකිනි. තිසර විසින් රැක ගත් එම උඩ පන්දුව කෙතරම් අග්‍රගන්‍යයේ ද කිවහොත් එය මෙතෙක් තරගාවලියේ පන්දු රකින්නකු රැක ගන්නා ලද විශිෂ්ඨතම උඩ පන්දුව ලෙසින් සඳහන් කළ හැක. 

එල්ල කරන ලද රිවර් ස්වීප් පහර වැරදී යෑමෙන් පිටියෙන් ඉවත් වුණු ධනුෂ්ක පන්දු 44 කදී ලකුණු 56 ක් වාර්තා කර ගත්තේ හතරේ පහර 7 කින්ද වර්ණවත් කරගනිමිනි. මෙම තරගාවලියේ පළමු වරට තරගයකට ක්‍රීඩා කිරීමට වරම් ලද අසාම් අලී සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 67 ක්ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් අසාම් ඛාන් සමඟ එක්ව පන්දු 24 කදී ලකුණු 43 ක් රැස් කළහ.

අද තරගයේදීද නායක තිසර පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සේවය ලබා ගත් අතර ඒ අතර වනිඳු හසරංග කැපී පෙනුණි. එක් පන්දු වාරයකදී ලකුණු 16 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුවත්, සිය පන්දුවාර 4 ලකුණු 29 කට කඩුලු 2 ක් වශයෙන් අවසන් කිරීමට වනිඳු සමත්වූවේය. ඔහුට අනගි සහායක් දුන් ධනංජය ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 27 කට කඩුලු 1 ක් වශයෙන් අවසන් කිරීමට සමත්වූවේය. ග්ලැඩියේටර් ඉනිමේ පන්දුවාර 6 යැවීමට පැමිණි ෂොයෙබ් මලික් තම පන්දුවාර 3 ක ලකුණු 17 ක් පමණක් ලබා දී අවසන් කිරීමට සමත්වීම කැපී පෙනුණි. 

ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීම කෙසේ වෙතත් මැද පෙළ පිතිකරුවකු ලෙසින් අද තරගයේදී ස්ථානයක් දිනා සිටි චැඩ්වික් වෝල්ටන් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 14 කදී ලකුණු 31 ක් ලබා ගනිමින් ලකුණු 170 සීමාව කරා ගෝල් ග්ලැඩියේටර් පිල රැගෙන ඒමට දායක විය. 

ලකුණු පුවරුව
ගෝල් ග්ලැඩියේටර්ලකුණුපන්දු46
ධනුෂ්ක ගුණතිලකඇ.ඩුවේන් ඔලිවර්ප.වනිඳු හසරංග564470
අසාන් අලීඇ. සහප.වනිඳු හසරංග292540
අසාම් ඛාන්ඇ.වනිඳු හසරංගප.සුරංග ලක්මාල්251422
භානුක රාජපක්ෂඇ.තිසර පෙරේරාප.ධනංජය ද සිල්වා1200
චැඩ්වික් වෝල්ටන්ඇ.පීටර් මුවර්ස්ප.උස්මාන් ශින්වාරි311413
ෂෙහාන් ජයසූරියදුවද්දී දැවී ගියාඅවිශ්ක/මලික්81300
ධනංජය ලක්ෂාන්නොදැවී141020
අතිරේක6
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු170
කඩුලු වැටීම – 1-67 (අලී 8.3), 2-110 (අසාම් 12.3), 3-114 (භානුක 13.3), 4-118 (ධනුෂ්ක 14.2), 5-152 (වෝල්ටන් 16.5), 6-170 (ෂෙහාන් 19.6)
පන්දු යැවීම 
උස්මාන් ශින්වාරි 4-0-44-1ධනංජය ද සිල්වා 4-0-27-1
සුරංග ලක්මාල් 2-0-18-1ඩුවේන් ඔලිවර් 2-0-23-0
වනිඳු හසරංග 4-0-29-3තිසර පෙරේරා 1-0-14-0
ශොයෙබ් මලික් 3-0-17-0
ජැෆ්නා ස්ටැලියන්ස්ලකුණුපන්දු46
අවිශ්ක ප්‍රනාන්දු ඇ.ෂෙහාන් ජයසූරියප.ධනංජය ලක්ෂාන් 845975
ටොම් මුවර්ස් ප.ෂෙහාන් ජයසූරිය111211
මිනෝද් භානුකඇ.ධනංජය ලක්ෂාන්ප.අසිත ප්‍රනාන්දු402641
තිසර පෙරේරාඇ.ලක්ෂාන් සඳකැන්ප.අසිත ප්‍රනාන්දු9910
ෂොයෙබ් මලික්ඇ.ධනංජය ලක්ෂාන්ප.අකිල ධනංජය1300
වනිඳු හසරංගනොදැවී17740
ධනංජය ද සිල්වානොදැවී5210
අතිරේක7
එකතුව පන්දුවාර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු174
කඩුලු වැටීම – 1-26 (මුවර්ස් 3.4), 2-125 (මිනෝද් 13.6), 3-145 (තිසර 16.3), 4-152 (අවිශ්ක 17.6), 5-168 (මලික් 19.1)
පන්දු යැවීම 
මොහොමඩ් ආමර් 4-0-37-0ෂෙහාන් ජයසූරිය 3-0-20-1
අසිත ප්‍රනාන්දු 4-0-30-2අකිල ධනංජය 3.4-0-42-1
ධනංජය ලක්ෂාන් 3-0-24-1ලක්ෂාන් සඳකැන් 2-0-20-0

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest