slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2020
ඇන්ජලෝ – දසුන් එක්ව දඹුල්ල වයිකින්ස් දිනවති

sinhala editor

Chamila Karawita reporting from Hambantota

හොඳින් පන්දු යැව්වහොත් හම්බන්තොට තණතීරුවේදී පන්දු යවන්නන්ටත් යමක් කළ හැකි බව ඔප්පු කළ දඹුල්ල වයිකින්ස් පන්දු යවන්නෝ “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ 10 වැනි තරගය ලෙසින් කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව අද (03 දා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් අත්කර ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ 9 වැනි පන්දුවාරය එළැඹෙත්ම ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම දැවී ගියේ ලකුණු 56 ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීය. ඒ අනුව වගකීම කරට ගත් ඇන්ජාලෝ පෙරේරා සහ නායක දසුන් ශානක පන්දු 48 කදී වේගවත් ලකුණු 79 ක් එක් කරමින් ජයග්‍රහණය සඳහා මූලික අඩිතාලම දැමූහ. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය කඩුලු 5 ක් දැවී දඹුල්ක වයිකින්ස් පිල සපුරා ගන්නා විට තවත් පන්දු 4 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

පන්දු 49 කට මුහුණ දුන් ඇන්ජලෝ පෙරේරාගේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 කින් තම ඉනිම වර්ණවත් කර ගනිමින් ලකුණු 67 ක් ලබා ගත්තේ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලබමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් නායක දසුන් ශානක පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟගින් ලකුණු 33 ක් රැස් කරගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණ සංඛ්‍යාව ජයග්‍රහණ 3 ක් වශයෙන් සටහන් වන අතර දඹුල්ල කණ්ඩායමේ තෙවැනි පරාජය ලෙනින්ද සටහන් විය.

අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟන් ලකුණු 55 ක්ද, නායක කුසල් පෙරේරා පන්දු 34 කදී ලකුණු 41 ක් රැස් කිරීම මත ඉනිමේ හරි අඩක් හෙවත් පළමු පන්දුවාර 10 අවසනදී ලකුණු 86 රැස් කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට හැකිවිය.

කෙසේ වෙතත් රමේෂ් මෙන්ඩිස් විසින් කුසල් පෙරේරාව දවා ගැනීමට සමත්වීමත් සමඟ ටස්කර්ස් පිතිකරුවන්ව දැඩි ග්‍රහණයකට හසු කර ගැනීමට දඹුල්ල වයිකින්ස් පන්දු යවන්නෝ සමත්වූහ. කසුන් රජිත ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ නිවැරදි ඉලක්කයක් සහිත පන්දු යැවීමත්, ලබා දුන් උඩ පන්දු සියල්ල සුරක්ෂිතව රැක ගැනීමට සමත්වීමත් සමඟ ටස්කර්ස් පිතිකරුවන්ට නොසිතූ අර්බුදයකට මුහුණ දීමට සිදුවිය.

දඹුල්ල වයිකින්ස් පන්දු යවන්නෝ කෙතරම් හොඳින් පන්දු යැවීමට සමත්වූවේද කිවහොත් කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ බ්‍රෙන්ඩන් ටේල්ර් යන තිදෙනාම පන්දුවට පහර දුන් 10 වැනි පන්දුවාරයේ සිට 15 වැනි පන්දුවාරය දක්වා වූ කාල සීමාවේදී ලබා දී තිබුණේ ලකුණු 31 ක් පමණි.

එතෙකින් නොනැවතුණු වයිකින්ස් පන්දු යවන්නන් අතරින් 17 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මාලින්ද පුෂ්පකුමාර පිට පිට පන්දු දෙකකදී බ්‍රෙන්ඩන් ටේලර් සහ සික්කුගේ ප්‍රසන්නගේ කඩුලු දවා ගනිමින් පීඩනය තව තවත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම දෙසට තල්ලු කළේය.

පීඩනයෙන් ගොඩ ඒමත් ලකුණු ලබා ගැනීමේ වේගයත් වැඩි කිරීමට යෑමේදී එතෙක් වෙලා හොඳින් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් , සමිත් පටෙල්ගේ පන්දුවක් හමුවේ නායක දසුන් ශානක අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

පළමු තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලද වේග පන්දු යවන කසුන් රජිත, දඟ පන්දු යවන්නන් වන රමේෂ් මෙන්ඩිස් සහ සමිත් පටෙල් පන්දුවාරයට ලකුණු ලබා ගැනීම ලකුණු 6 කට අඩුවෙන් තබා ගැනීමට සමත්වූහ. එහිදී කසුන් රජිත ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වද්දී පන්දුවාර 4ම යැවූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 21 ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තේය. රජිතට අමතරව කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත්වූයේ වමත් දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර වන අතර ඔහු තම පන්දුවාර 4 ලකුණු 28 කදී නවතා ගැනීමට සමත්වූවේය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar