slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2020
යාපනයේ විජයකාන්ත්ට අපූරු උපන්දින තෑග්ගක්

Sri Lanka Cricket

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් කලම්බු කිංග්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් යාපනය නියෝජනය කරමින් තරගාවලියට පැමිණ සිටින විජයකාන්ත් වියස්කාන්ත් සිය මංගල තරග වරම් දිනා ගත්තේය. තවත් හෝරා කීපයකින් හෙවත් හෙට දිනය (05 වැනිදා) උදාවත්ම සිය 19 වැනි උපන්දිනය සමරන විජයකාන්ත්ට සැබැවින්ම මෙය අපූරුම උපන්දින තෑග්ගකි.

විජයකාන්ත් අද තරගයට ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වන්නේ යාපනය ප්‍රදේශය නියෝජනය කරමින් මේ වන තෙක් ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයකු හෝ බිහිව නොමැති බැවිනි. යාපනය ප්‍රදේශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ආසන්නතම ක්‍රීඩකයා වන්නේ මෙම තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක රසල් ආනල්ඩ් පමණි. ඔහු යාපනයේ ඉපිද ඇතත් ඔහු හැදී වැඩී ඇත්තේ කොළඹ, දෙහිවල ප්‍රදේශයේ බැවින් විජයකාන්ත්ගේ ආගමනය යාපනය ජනතාවට ආඩම්බරයකි. 

යාපනය මධ්‍ය මහ විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ ව සිටින විජයකාන්ත් දකුණත් පා දඟ පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරන්නේය. ඉකුත් 2018 සහ 2019 වසර වලදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ විජයකාන්තා ඔස්ට්‍රේලියා සහ ඉන්දියානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම්වලට එරෙහිව පැවැති නිල නොවන ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කර තිබේ. එම තරගව ලදී කඩුලු 2 ක් බිඳ හෙළීමට විජයකාන්ත් සමත්ව සිටියි.

විජයකාන්ත්ට අමතරව අද තරගය සඳහා ජැෆ්නා ස්ටැලියන්ස් පිල තවත් වෙනස් කම් 3 ක් සිදු කරමින් කලම්බු කිංග්ස් පිලට එරෙහි තරගයට අවතීර්ණ වී සිටියි. අවසන් තරගයට සහභාගි වුණු ටොම් මුවර්ස්, උස්මාන් ශින්වාරි, සුරංග ලක්මාල් සහ ඩුවෑන් ඔලිවර් විවේක ගන්වමින් ඒ සඳහා ජොන්සන් චාල්ස්, කයිල් ඇබොට් සහ බිනුර ප්‍රනාන්දුව අවසන් 11 දෙනාට එක් කර තිබේ. කලම්බු කිංග්ස් කණ්ඩායමද වෙනස් කම් 2 ක් සිදුකරමින් තරගයට අවතීර්ණ වී සිටින අතර එහිදි ජෙෆ්රි වැන්ඩර්සි සහ ධම්මික ප්‍රසාද් වෙනුවට ඩැනියෙල් බෙල් සහ තරිඳු කෞෂාල් කැඳවා තිබේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest