slc
logo
Home   |    News
දෙසැම්බර් 5, 2020
වැඩිම ලකුණු ලාභීන් අතර දේශීය පිතිකරුවන් හයක්

Sri Lanka Cricket

එල්.පී.එල්.තරගාවලියේ මූලික වටයේ තරග දහය නිමවනවිට පිතිකරුවන් අතුරින් දේශිය පිතිකරුවන් ඉදිරියෙන්ම සිටීම මෙරට පිතිකරුවන්ගේ දක්ෂතා පිළිබිඹු කරන හොඳම සාධකයකි.

ප්‍රථම තරග දහය නිමවන විට පිතිකරුවන් අතුරින් ඉදිරියෙන්ම සිටියේ මේවනවිට සහභාගිවූ තරග හතරම පරාජයවී අවසාන ස්ථානයේ සිටින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකය. වමතින් පිත්ත හසුරුවන ධනුෂ්ක ඉනිම හතරකදී ඉනිමක් නොදැවී ලකුණු 206ක් ලබා සිටින්නේ වැඩිම ලකුණු 82ක් (සාමාන්‍ය 68.66යි) ලෙසිනි. ධනුෂ්ක මේවන විට හතරේ 29ක් හා හයේ පහර තුනක් ද එල්ල කර තිබේ.

දෙවැනි ස්ථානයේ සිටින දඹුල්ල නායක දසුන් ශානක ඉනිම හතරකදී ලකුණු 197ක් (වැඩිම 73යි සාමාන්‍ය 49.25යි) රැස්කර සිටින අතර ඔහු තරග දහය තුළ හයේ 11ක් හා හතරේ 17ක් එල්ල කරසිටී. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු කුසල් මෙන්ඩිස් තෙවන ස්ථානයේ පසුවන්නේ ඉනිම පහකදී ලකුණු 188ක් ලබා ගනිමින් (සාමාන්‍ය 55යි වැඩිම ලකුණු 47යි) හයේ 13ක් හා හතරේ 11ක් එල්ල කරමිනි.

සිව්වන ස්ථානයේ පසුවන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් ආරම්භක පිතිකරු දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තරග හතරකදී ලකුණු 183ක් (ඉනිමක් නොදැවී) ලබා සිටින්නේ වැඩිම ලකුණු 92ක් නොදැවි ලබා ගනිමිනි. ඔහු සාමාන්‍ය ලකුණු 61ක් ලබාසිටින අතර හයේ 12ක් සහ හතරේ 13ක්ද එල්ල කර තිබේ) ජැෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා තරග හතරකදී ලකුණු 174ක් ලබාසිටින අතර වැඩිම ලකුණු ප්‍රමාණය 87කි. ඔහු පස්වන ස්ථානයේ මේවන විට රැදී සිටී.

මහනුවර ටස්කර්ස් නායක කුසල් ජනිත් පෙරේරා තරග පහකදී (ඉනිම 5යි) වැඩිම ලකුණු 87ක් රැස්කර මුළු ලකුණු 163ක් ලබා ඇත. ඉනිමක සාමාන්‍ය 32.60කි. කුසල් ජනිත් හයේ හතරක් සහ හතරේ 19ක් එල්ල කර පිතිකරු ලැයිස්තුවේ පසුවන්නේ හයවන ස්ථානයේය.

පිතිකරුවන් අතුරින් 8-10 දක්වා දැනට පසුවන්නේ මේ තරගාවලියට ඉදිරිපත්ව සිටින විදේශීය ක්‍රීඩකයන්ය. ඔවුන් පිළිවෙලින් දඹුල්ල කණ්ඩායමේ සමිට් පටෙල් (තරග 4යි මුළු ලකුණු 140යි වැඩිම 58යි සාමාන්‍ය 35යි) කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ රාමනුල්ලා ගුර්බාස් (තරග 5යි ලකුණු 123යි ඉනිමක වැඩිම 53යි සාමාන්‍ය 24.60යි) කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ බ්‍රෙන්ඩන් ටේලර් තරග තුනයි (නොදැවී 1යි ලකුණු 110යි වැඩිම නොදැවී 51යි සාමාන්‍ය 55යි) සහ කළම්බු කින්ග්ස් කණ්ඩායමේ ලෝරි එවන්ස් (තරග තුනයි ලකුණු 102යි වැඩිම 59 සාමාන්‍ය 51යි) දස්කම් පෙන්වා තිබේ.

මූලික වටයේ ඉතිරි තරග දහයේදී ද ලංකා පිතිකරුවන් විශේෂිතවූ දක්ෂතා පෙන්වනු ඇතැයි අපේක්ෂිතය. මේ අතර දැනට ලකුණු අතර නොසිටින ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, ෂෙහාන් ජයසූරිය, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා සහ ඕෂද ප්‍රනාන්දු වැනි දේශීය පිතිකරුවන් ඉදිරි දින කිහිපයේදී ලකුණු අතරට පිවිසෙකැයි බොහෝදෙනාගේ අපේක්ෂාවයි.

තුන් ඉරියව්වෙන් තිසර සහ වනිඳු පෙරමුණේ

මේ අතර තරගාවලියේ අඩක් ගතවන විට තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් අතුරින් තිසර පෙරේරා සහ වනිඳු හසරංග ද සිල්වා විශේෂයෙන්ම කැපීපෙනෙති. අසේල ගුණරත්න ද මේ වනවිට පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් පාමින් සිටී. තුන් ඉරියව්වේම දස්කම් පාන විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ සමිට් පටෙල් සහ ඔන්ඩ්‍රි රසල්ය.

වනිඳු හසරංග (ජැෆ්නා ස්ටැලියන්ස්) දැනට මේ තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් ප්‍රථම ස්ථානයේත් පිතිකරුවන් අතර දහසය වන ස්ථානයේත් පසුවේ. මේ වනවිට පන්දුවට පහර දීමේදී සහ පන්දු යැවිමේදී අංශ දෙකෙන්ම ප්‍රථම දහයට ඇතුළත්ව සිටින දේශීය ක්‍රීඩකයා වන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරාය. තිසර පන්දුවට පහරදීමේදී සිව්වන ස්ථානයේත් පන්දු යැවීමේදී හත්වන ස්ථානයේත් පසුවෙමින් තුන්ඉරියව්වේම දස්කම් පාමින් සිටී.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමේ නායක කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අසේල ගුණරත්න මේවන විට පන්දු යැවීමේදී සිව්වන ස්ථානයේත් පන්දුවට පහරදීමේදී 14වන ස්ථානයේත් පසුවේ.

දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ සමිට් පටෙල් පන්දුවට පහරදීමේදී අටවන ස්ථානයේ සහ පන්දු යැවීමේදී නවවන ස්ථානයේ පසුවන්නේ අංශ දෙකෙන්ම ප්‍රථම ක්‍රීඩකයන් දසදෙනා අතරට එක්වෙමිනි. කළම්බු කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන ජැමෙයිකානු ජාතික ඔන්ඩ්‍රි රසල් පන්දු යැවීමේදී නවවන සහ පන්දුවට පහරදීමේදී 11වන ස්ථානයන්හි සිටී.

තවත් තුන්ඉරියව් ක්‍රීඩකයන් වන දඹුල්ල වයිකින් නායක දසුන් ශානක පිතිකරු ලැයිස්තුවේ තුන්වන ස්ථානයේත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ධනංජය ද සිල්වා 17වන ස්ථානයේත් (පිතිකරු) පසුවුවත් ඔවුන්ගෙන් පන්දු යැවීමේ දක්ෂතා මෙතෙක් උපරිම අයුරින් ඉස්මතුවී නොමැත.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar