slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2020
තරග 5 කට පසු ගෝල් ග්ලැඩියේටර් පළමු ජය ලබයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්වූ මොහොමඩ් අමීර්ගේ සහ ලක්ෂාන් සඳකැන්ගේ දක්ෂ පන්දු යැවීමත් ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණීමට සමත්වීම හේතුවෙන් කලම්බු කිංග්ස් ට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට අද (07 දා) සමත්විය.

තරගාවලියේ 14 වැනි තරගය බවට පත් වුණු මෙම තරගට පෙර පැවැති තරග 5 න් 5 ම පරාජයට පත්ව සිටි ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම අද අත්කරගන්නා ලද්දේ තරගාවලියේ පළමු ජයග්‍රහණය වේ. ඒ අනුව මෙතෙක් ඔවුන් මුහුණ දී සිටි පරාජිත ගමනට තිත තැබුණා පමණක් නොව අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා වූ බලාපොරොත්තුද වැඩි කරවනු ලැබීය.

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 8.56 ක වේගයක් රඳවා ගැනීමේ අභියෝගය භාර ගනිමින් පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් පිල පන්දු 15 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගන්නා ලද්දේ කඩුලු 2 ක් පමණක් ලබා දෙමිනි. පන්දු 16 කදී හපෙහර 3 ක් සහ හතරේ පහර 3 ක් වේගවත් ලකුණු 35 ක් ලද අසාම් ඛාන්ගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණ වාර්තා වද්දී අනෙක් අන්තයේ රැඳී සිටි භානුක රාජපක්ෂ පන්දු 24 කදී ලකුණු 37 ක් ලබා සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 6 කින් තම ඉනිම අලංකාර කර ගනිමිනි. තෙවැනි කඩුල්ල වෙනුවෙන් මොවුන් දෙදෙනාගේ නොබිඳුණු සම්බන්ධතාවය පන්දු 34 කදී ලකුණු 68 කි.

සාර්ථක ආරම්භයක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක සහ අසාන් අලී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 97 ක් එක් කළහ. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ධනුෂ්ක අද දිනයේදී තවත් ලකුණු 38 ක් රැස් කරමින් ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට සමත්විය. පන්දු 28 කදී වාර්තා වුණු එම ඉනිමත් සමඟ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 322 ක් තම නම ඉදිරියෙන් සටහන් කර ගනිමිනි.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායමට එතරම් හොඳ ආරම්භයක් ලබා ගැනීමට මොහොමඩ් අමීර් ප්‍රමුඛ පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්හ. 18 වැනි පන්දුවාරයේදී කඩුලු 2 ක් සහ අවසන් පන්දුවාරයේදී කඩුලු 3 ක් දවා ගත් මොහොමඩ් අමීර් ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කඩුලු 5 ක් දවාගත් පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට සිය නම එකතු කර ගත්තේය.

ප්‍රථමයෙන්ම ඩැනියෙල් බෙල්ව දවාගත් අමීර් එම පන්දුවාරයේදීම තික්ෂිල ද සිල්වා දවා ගත්තේය. එතැනින් නොනැවතුණු අමීර් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පිට පිට පන්දු දෙකකදී කයිස් අහමඩ් සහ තරිඳු කෞෂාල්ගේ කඩුලු දවා ගනිමින් කඩුලු ත්‍රිත්තවයක අභිමුවට පැමිණියේය. එහෙත් ඔහු යවන ලද ඊළඟ පන්දුවට හයේ පහරකින් සංග්‍රහ කිරීමට ඉසුරු උදාන සමත්වූයෙන් කඩුලු ත්‍රිත්වයේ බලාපොරොත්තුව සිහිනයක් විය. කෙසේ වෙතත් අවසන් පන්දුවේදී භානුක රාජපක්ෂ විසින් උදාන ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමට සමත්වීම නිසා අමීර් ට කඩුලු 5 ක් දවා ගැනීමේ අවස්ථාව උදාවිය. ඉනිම අවසානයේ අමීර්ගේ පන්දු යැවීම පන්දුවාර 4 කදි ලකුණු 26 කට කඩුලු 5 ක් ලෙස සටහන් විය. අමීර්ගේ දක්ෂතාවයට ප්‍රථම තරගාවලියේ හොඳම පන්දු යැවීම ලෙස ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ ඩුවේන් ඔලිවර් දවා ගන්නා ලද ලකුණු 44 කට කඩුලු 4 සටහන් විය.

පන්දුවට පහර දීමේදී ඩැනිලේ බෙල් පන්දු 36 කදී ලකුණු 44 ක්ද දිනේෂ් චන්දිමාල් පන්දු 20 කදී ලකුණු 35 ක්ද එක් කළහ. ඉනිමේ සාර්ථක සම්බන්ධතාවය ලෙසින් තික්ෂිල ද සිල්වා (21) සහ ඩැනියල් බෙල් සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී එක් කරන ලද ලකුණු 39 සටහන් විය. පසු පෙළින් පැමිණි ඉසුරු උධාන පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 21 ක් ලබා සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා කලම්බු කිංග්ස් පිල රැගෙන ගියේය.

ආරම්භක පන්දු යවන්නන් දෙපළ ප්‍රතිවාදී පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම පාලනය කළද පළමු කඩුල්ල දවා ගැනීමට සමත්වූයේ ධනංජය ලක්ෂාන්ය. මේ වන තෙක් තරගාවලියට ක්‍රීඩා කරන ලද නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා අතරින් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින ක්‍රීඩකයකු වන ධනංජය ලක්ෂාන් ලෝරි එවන්ස්ගේ කඩුල්ල දවා ගත්තේය. අනතුරුව ක්‍රියාත්මක වුණු ලක්ෂාන් සඳකැන් නායක ඇන්ජලෝ මැතිව්ස්, අශාන් ප්‍රින්ජන් සහ ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍රෙ රසල්ගේ කඩුලු ලකුණු 33 ක් ඇතුළත දවා ගනිමින් තරගය පිළිබඳව කණ්ඩායමට වැඩි බලාපොරොත්තු එක් කිරීමට සමත්විය.

මෙවර තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට වරම් ලද නුවන් තුෂාර, අමීර්ට විශාල දායකත්වයක් ලබා දීම කැපී පෙනුණි. ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවන තුෂාරගේ නම ඉදිරියෙන් කඩුල්ලක් දවා ගැනීමක් සටහන් නොවුණත් යවන ලද පන්දුවාර 4 දී ලකුණු 31 ක් පමණක් ලබා දුන්නේය. එය ගෝල් ග්ලැඩියේටර් පන්දු යවන්නන් අතරින් පන්දුවාරයකට අඩුම ලකුණු ලබා දුන් පන්දු යවන්නන් අතර දෙවැනි තැන හිමිවන්නේය.

ලකුණු පුවරුව
කලම්බු කිංග්ස්ලකුණුපන්දු46
දිනේෂ් චන්දිමාල්ඇ.චැඩ්වික් වෝල්ටන්ප.මොහොමඩ් අමීර්352042
ලෝරි එවන්ස්කඩුල්ල මුවා කළාප.ධනංජය ලක්ෂාන්7710
ඩැනියෙල් බෙල්ඇ.ධනංජය ලක්ෂාන්ප.මොහොමඩ් අමීර්443631
ඇන්ජලෝ මැතිව්ස්ඇ.චැඩ්වික් වෝල්ටන්ප.ලක්ෂාන් සඳකැන්11910
අශාන් ප්‍රින්ජන්ඇ.සහන් ආරච්චිගේප.ලක්ෂාන් සඳකැන්5700
ඇන්ඩ්‍රෙ රසල්ඇ. සහප.ලක්ෂාන් සඳකැන්11920
තික්ෂිල ද සිල්වාඇ.චැඩ්වික් වෝල්ටන්ප.මොහොමඩ් අමීර්271712
ඉසුරු උදානඇ.භානුක රාජපක්ෂප.මොහොමඩ් අමීර්211012
කයිස් අහමඩ්ඇධනුෂ්ක ගුණතිලකප.මොහොමඩ් අමීර්5410
තරිඳු කෞෂාල්දුවද්දී දැවී ගියාඅසාම්/අමීර්0100
ධම්මික ප්‍රසාද්නොදැවී 0000
අතිරේක5 
එකතුව පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු171
කඩුලු වැටීම / 1-19 (එවන්ස් 2.1), 2-45 (චන්දිමාල් 5.2), 3-69 (මැතිව්ස් 8.3), 4-88 (ප්‍රියන්ජන් 10.5), 5-රසල් (12.6), 6-144 (ඩැනියෙල් 17.1), 7-147 (තික්ෂිල 17.5), 8-165 (කිස් 19.3), 9-165 (කෞෂාල් 19.4)
පන්දු යැවීම
මොහොමඩ් අමීර් 4-0-26-5නුවන් තුෂාර 4-0-31-0
ධනංජය ලක්ෂාන් 4-0-34-1ලක්ෂාන්සඳකැන් 4-0-33-3
භානුක රාජපක්ෂ 2-0-25-0ෂෙහාන් ජයසූරිය 2-0-25-0
ගෝල් ග්ලැඩියේටර්ස්ලකුණුපන්දු46
ධනුෂ්ක ගුණතිලකකඩුල්ල මුවා කළාප.කයිස් අහමඩ්382850
අසාන් අලීඇ.ඇන්ඩ්‍රෙ රසල්ප.ධම්මික ප්‍රසාද්563891
භානුක රාජපක්ෂනොදැවී 372461
අසාම් ඛාන්නොදැවී 351633
අතිරේක9 
එකතුව පන්දුවාර 17.3 කදී කඩුලු 2 කට ලකුණු175
කඩුලු වැටීම / 1-97 (ගුණතිලක 10.3), 2-107 (අසාන් 11.5), 
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 1-0-10-0ඉසුරු උදාන 4-0-32-0
ඇන්ඩ්‍රෙ රසල් 2-0-22-0අශාන් ප්‍රියන්ජන් 2-0-22-0
තික්ෂිල ද සිල්වා 1-0-13-0කයිස් අහමඩ් 4-0-23-1
ධම්මික ප්‍රසාද් 2.3-0-33-1තරිඳු කෞෂාල් 1-0-16-0

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

USD United States (US) dollar