slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2020
යාපනයේ විජයකාන්ත්ට අපූරු උපන්දින තෑග්ගක්

Sri Lanka Cricket

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් කලම්බු කිංග්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් යාපනය නියෝජනය කරමින් තරගාවලියට පැමිණ සිටින විජයකාන්ත් වියස්කාන්ත් සිය මංගල තරග වරම් දිනා ගත්තේය. තවත් හෝරා කීපයකින් හෙවත් හෙට දිනය (05 වැනිදා) උදාවත්ම සිය 19 වැනි උපන්දිනය සමරන විජයකාන්ත්ට සැබැවින්ම මෙය අපූරුම උපන්දින තෑග්ගකි.

විජයකාන්ත් අද තරගයට ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වන්නේ යාපනය ප්‍රදේශය නියෝජනය කරමින් මේ වන තෙක් ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයකු හෝ බිහිව නොමැති බැවිනි. යාපනය ප්‍රදේශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ආසන්නතම ක්‍රීඩකයා වන්නේ මෙම තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක රසල් ආනල්ඩ් පමණි. ඔහු යාපනයේ ඉපිද ඇතත් ඔහු හැදී වැඩී ඇත්තේ කොළඹ, දෙහිවල ප්‍රදේශයේ බැවින් විජයකාන්ත්ගේ ආගමනය යාපනය ජනතාවට ආඩම්බරයකි. 

යාපනය මධ්‍ය මහ විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ ව සිටින විජයකාන්ත් දකුණත් පා දඟ පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරන්නේය. ඉකුත් 2018 සහ 2019 වසර වලදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ විජයකාන්තා ඔස්ට්‍රේලියා සහ ඉන්දියානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම්වලට එරෙහිව පැවැති නිල නොවන ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කර තිබේ. එම තරගව ලදී කඩුලු 2 ක් බිඳ හෙළීමට විජයකාන්ත් සමත්ව සිටියි.

විජයකාන්ත්ට අමතරව අද තරගය සඳහා ජැෆ්නා ස්ටැලියන්ස් පිල තවත් වෙනස් කම් 3 ක් සිදු කරමින් කලම්බු කිංග්ස් පිලට එරෙහි තරගයට අවතීර්ණ වී සිටියි. අවසන් තරගයට සහභාගි වුණු ටොම් මුවර්ස්, උස්මාන් ශින්වාරි, සුරංග ලක්මාල් සහ ඩුවෑන් ඔලිවර් විවේක ගන්වමින් ඒ සඳහා ජොන්සන් චාල්ස්, කයිල් ඇබොට් සහ බිනුර ප්‍රනාන්දුව අවසන් 11 දෙනාට එක් කර තිබේ. කලම්බු කිංග්ස් කණ්ඩායමද වෙනස් කම් 2 ක් සිදුකරමින් තරගයට අවතීර්ණ වී සිටින අතර එහිදි ජෙෆ්රි වැන්ඩර්සි සහ ධම්මික ප්‍රසාද් වෙනුවට ඩැනියෙල් බෙල් සහ තරිඳු කෞෂාල් කැඳවා තිබේ.

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee