slc
logo
Home   |    News
ජනවාරි 18, 2021
එංගලන්ත පිලට කඩුලු 7 ක ජයක්

sinhala editor

Chamila Karawita reporting from Galle

ජයග්‍රහණය සඳහා ලකුණු 36 ක් පමණක් අවශ්‍යව තිබියදී පිටියට පිවිසි ජොනී බෙයාර්ස්ටෝ සහ ඩෑන් ලෝරන්ස් දඟ පන්දු යවන්නන්ට එරෙහිව කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට සමත්වීම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද (18 දා) සමත්විය. එංගලන්තය විසින් අද වාර්තා කරන තරග ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම වාර්තා කරන ලද සිව්වැනි සහ පිට පිටම ගාල්ලේදී ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් වේ.

පස්වැනි දින උදෑසනය දක්වා ඇදී ගිය මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව තිබූ ලකුණු 36 ලබා පන්දුවාර 9 කුත් පන්දු 2 ක් පමණක් වැය කරමින් රැස් කර ගැනීමට බෙයාර්ස්ටෝ-ලෝරන්ස් වග බලා ගත්හ. එංගලන්තයේ ජයග්‍රහණය තහවුරු වෙමින් තරගය නිමාවට පත් වන විට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවයක්ද ගොඩනඟා තිබූ මෙම යුගලය අතරින් බෙයාර්ස්ටෝ ලකුණු 35 ක්සහ ලෝරන්ස් ලකුණු 21 ක් ලබා ගෙන සිටියහ.

සිව්වැනි දිනයේ සිට පැවැති මෙම සම්බන්ධතාවය අතරතුරදී එංගලන්ත පිල අසීරුවේ දැමීමට අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූ නමුත්, එය තෙවැනි විනිසුරුගෙන් විමසීම සඳහා කටයුතු නොකිරීම මත ඩෑන් ලෝරන්ස්ව දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිව ගියේය. ඩිල්රුවන් පෙරේරා විසින් යවන ලද පන්දුව ලෝරන්ස්ගේ පා ආවරණයේ වදින විට ඔහු ලකුණු 09 ක් ලබා සිටියේය. ඊට අමතරව සිව්වැනි ආරම්භයේදීම බෙයාර්ස්ටෝව දුවද්දී දවා ගැනීමේ ආසන්න අවස්ථාවකට පැමිණියද ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් එම අවස්ථාවද ගිලිහී ගියේය. එම දුවද්දී දවා ගැනීම ලබා ගැනීමට සමත්වූයේනම් එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 14 ට කඩුලු 4 ක් ලෙසින් සනිටුහන් වනු ඇත.

අද දිනයේ වාර්තා කරන ලද මෙම ටෙස්ට් තරග ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම විදේශයන්හි තරග කිරීමේදී පිල පිට පිටම ලද සිව්වැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය. මෙම තරගයට පෙර එංගලන්ත පිලට නවසීලන්තයට එරෙහිව එක් තරගයක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2 ක් වශයෙන් ජයගැනීමට සමත්ව තිබේ. 1955-57 කාල සීමාවෙන් පසු එවැනි එංගලන්ත කණ්ඩායම එවැනි ජයග්‍රහණයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින් මෙම ජයග්‍රහණ 4 වාර්තා වේ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනි සිකුරාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee