slc
logo
Home   |    News
ජනවාරි 3, 2021
තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් අතට

sinhala editor

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණයේ අද (03 දා) ආරම්භවු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 157ට පිළිතුරු ලෙස පළමු දිනට ක්‍රීඩාව නතර කර දමනා විට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුල්ලක් දැවී ලකුණු 148 ක් ලබා සිටියේය.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් පන්දු 119 කදී හතරේ පහර 16 ක් සමඟින් ලකුණු 92 ක්ද වැන්ඩර් ඩුසේන් පන්දු 82 කදී ලකුණු 40 ක්ද ලබා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් කඩුල්ලේ රැඳී සිටිති. දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ දැවී ගිය එකම පිතිකරුවා වූ ඒඩ්‍රියම් මාක්‍රම්ගේ කඩුල්ල තම මංගල තරගයට ක්‍රීඩා කරමින් සිටින වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු දවා ගත්තේය.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ගෙන් සිව් දෙනෙකු රහිතව අද තරගයට පැමිණි ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එහිදී දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා වෙනුවට ළහිරු තිරිමාන්න සහ මිනෝද් භානුකව කැඳවමින්ද වේගපන්දු යවන කසුන් රාජිත සහ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ විය. මෙහිදී මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරගයේදී ටෙස්ට් වරම් දිනා ගන්නා ලද්දේ එම ඉතිහාසයේ 152 වැනි සහ 153 වැනි ක්‍රීඩකයින් ලෙසිනි.

වේග පන්දු යවන ඇන්රිච් නෝයේ සහ වියාන් මල්ඩර්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම තේ පානයට පැය භාගයකට පමණ කළින් ලකුණු 157 කට හමාර වූයේ 41 වැනි පන්දුවාරය සම්පූර්ණවීමටද මත්තෙනි.

දිවා ආහාරයට පන්දුවාර හතරකට පමණ පෙර කඩුල්ලක් අහිමිව ලකුණු 70ක් ලබා කිසියම් ස්ථාවරත්වයකට පැමිණ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ, ආරම්භක පිතිකරු කුසල් පෙරේරා දැවී යෑමත් සමඟ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ලකුණු 84 කට කඩුලු 5 ක් අහිමිකර ගත්තේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 2 ක් ලබා ඉනිමේ පළමි පිතිකරුවා ලෙසින් දැවී යද්දී කුසල් ජනිත්ට එක්වූ  ළහිරු තිරිමාන්න දෙවන කඩුල්ලට ලකුණු 52 ක් එක් කළහ. එය ඉනිමේ සාර්ථකම සම්බන්ධතාවය බවට පත්විය. ඒ වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ කුසල් පෙරේරා පන්දු 67 කදී හතරේ පහර 11 ක් සමඟ ලකුණු 60 ක් ලබා ගෙන සිටියදී වියාන් මල්ඩර්ගේ ගොදුරක් ලෙසින් උඩ පන්දුවක් දී දැවී ගියේය. කෙසේ වෙතත් ළහිරු තිරිමාන්නටද අද දිනයේ රැස් කරගත හැකි වූයේ ලකුණු 17 ක් පමණි.

කුසල් පෙරේරා දැවී ගිය පන්දුවාරයේදීම අනෙක් කුසල් වූ මෙන්ඩිස් ද දැවී යෑම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් විය. ඒ අනුව 2021 වසර ආරම්භයේදී ලකුණු නොලබා දැවී ගිය පළමු පිතිකරුවා බවටද මෙන්ඩිස් පත්විය. කුසල් පෙරේරාට අමතරව පිතිකරුවන් අතරින් සාර්ථකම මුහුණ දුන් එකම පිතිකරුවා වූයේ වනිඳු හසරංගය.

ඉනිමේ මැද පෙළ නියෝජනය කරමින් ටෙස්ට් වරම් දිනාගත් මිනෝද් භානුක ලකුණු 05 කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල (07) සහ දසුන් ශානක ද (04) දැවී යෑම ශ්‍රී ලංකා පළමු ඉනිම මෙතරම් අඩු සංඛ්‍යාවකට සීමා වීමට ප්‍රධාන හේතු බවට පත්විය.

දිවා ආහාරයෙන් පසු මුළු ලකුණු සංඛ්‍යාව 100 ට ළඟා වද්දී කඩුලු හතක් දැවී අසීරු තත්ත්වයක පසුවද්දී වනිඳු හසරංගගේ සහ දුෂ්මන්ත චමීරගේ ලකුණු 49ක සබඳතා ලංකා කණ්ඩායමට මඳ අස්වැසිල්ලක් විය. ප්‍රථම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම පිතිකරුවකු ලෙසද දස්කම් දැක්වු වනිඳු හසරංග මෙදිනද දක්ෂ අයුරින් පන්දුවට පහරදෙමින් ලකුණු 29ක් ලබාගත්තේ පන්දු 27කට මුහුණදී හතරේ පහරක්ද එල්ල කරමිනි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ සාර්ථකම පන්දු  යවන්නා වු ඇන්රිච් නෝයේ ලකුණු 56කට කඩුලු හයක් දවාලු අතර මෙය ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වේ. මීට අමතරව වියාන් මල්ඩර් ලකුණු 25කට කඩුලු තුනක් දවාලීමට සමත්විය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee