slc
logo
Home   |    News
ජනවාරි 28, 2021
තේරීම් කමිටු සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ලද හිටපු ටෙස්ට් ක්‍රීඩක අසන්ත ද මෙල් මහතා පෞද්ගලික කාරණාවක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

2018 වසරේ නොවැම්බර් මසදී එම ධුරයට පත් ද මෙල් මහතා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වන තෙක් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළේය. ඊට අමතරව කණ්ඩායමේ තාවකාලික කලමනාකරු ලෙසින්ද කටයුතු කළ ඒ මහතා මීට දින කීපයකට පෙර එම ධුරයෙන් ද ඉල්ලා අස්වූවේය.

ඒ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, සිය ධුරය කාලය තුළ  කළ සේවය වෙනුවෙන් ද මෙල් මහතාට ස්තූතිය පුද කර සිටියේය. “අපි අසන්තගේ තීරණයට ගරු කරනවා. ඒ වගේම ඔහු තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කළ සේවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මා ස්තූතිවන්ත වනවා”යි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee