slc
logo
Home   |    News
ජනවාරි 7, 2021
දඟ පන්දුවේ අභියෝගට ‘ක්‍රෝලිගේ’ සූදානම

sinhala editor

By Chamila Karawita

ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාවේ ලොකුම තුරුම්පුව දඟ පන්දුව බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රතිවාදී රටවල් මෙරටට පැමිණ තරග කිරීමේදී කණ්ඩායම සතු පන්දු යවන්නන්ට සුදුසු ලෙසින් තණතීරුව සකස් කොට ඔවුන් අමාරුවේ දැමීම ශ්‍රී ලංකාව කලක පටන් ජයග්‍රහණය සඳහා  සිදුකරගෙන යනු ලබන උපක්‍රමයකි. ප්‍රතිවාදී පිල වෙනුවෙන් ශ්‍රී ලංකාව අටවනු ලබන උගුළ පිළිබඳව මනා අවබෝධයක් ඇති එංගලන්ත කණ්ඩායම ඊට විකල්පයක් සෙවීය.

එහිදී ඔවුන් සිදුකරන ලද්දේ තරගාවලියට ක්‍රීඩා කරවීමට බලාපොරොත්තු වන ඉදිරි පෙළ පිතිකරුවන් කීප පළක්ම ඉන්දියාවට යැවීමය. ඒ දඟ පන්දු යවන්නන්ට පහර දීම සඳහා එංගලන්තය විසින් ඉන්දියාවේ පිහිටුවා තිබෙන කෙන්ට් දඟ පන්දු විද්‍යාතයනය වෙතය. ඉකුත් 2020 වසරට යෙදී තිබුණු තරගාවලිය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද එම පෙර සූදානම් වැඩපිළිවෙළේදී සාර්ථක ඵල නෙළා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත්වූහ. ඒ අතරින් පැවැති පුහුණු තරගයේදී සාර්ථකත්වයට පැමිණි සැක් ක්‍රෝලි ශතකයක් ලබා ගනිමින් මෙරට තණතීරුවල පන්දුව හැසිරීම මෙන්ම පන්දුවේ දඟ කැවීම පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබා ගත්තේය.

“මම මීට පෙර අවස්ථා දෙකකදී කෙන්ට් පුහුණු විද්‍යායතනයට පුහුණුවීම් සඳහා ගිහින් තිබෙනවා. ඉන් එක් වතාවක් මීට පෙර ශ්‍රී ලංකාවට අපි පැමිණි අවස්ථාවට පෙර සහභාගි වුණා” යි දඟ පන්දුවට පහර දීම පිළිබඳව සැක් ක්‍රෝලි ලබා ගත් පෙර සූදානම පිළිබඳව අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට සූදානම් වීමේ අරමුණෙන් හම්බන්තොටදී පැවැති පළමු පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ක්‍රෝලි ඉහත අදහස් පළ කර සිටියේය.

“අවසන් වතාවෙදි අපි ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේදී ලැබුණු තණතීරු පිතිකරණයට ඉතා යෝග්‍ය තණතීරු. නිසැකයෙන්ම මම මෙහි සිටි සති 2 ක කාලයේදී හොඳින් ලකුණු අතරට පැමිණියා. ඇත්තම කියනවා නම් මම ශ්‍රී ලංකාවට ආදරෙයි. එය ඉතා විශිෂ්ඨ රටක් වගේම එය ක්‍රිකට් ක්‍රීඩාවේ සටනෙන් අඩක්. ඔබ ඒ වගේ හොඳ තැනක සිටින විට එය හොඳින් ක්‍රීඩා කිරීමට පහසුවක් දනවනවා” යැයි අවසන් වතාවේ ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය පිළිබඳව ක්‍රෝලි සතු මතකයෙන් බිඳක් ගෙන හැර පෑවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි එංගලන්ත පිලේ අංක 3 ස්ථානයේ නිත්‍ය පිතිකරුවා ලෙසින් කටයුතු කරන ක්‍රෝලි, දඟ පන්දු යවන්නන්ට පහර දීම පිළිබඳව ඉන්දියාවේදී ලද පුහුණුව ශ්‍රී ලංකාවේදී වැඩ කළ බව සඳහන් කර සිටියේය.

“ඒ පුහුණුවෙදි ගොඩක්ම අවධානය යොමු කළේ මගේ ආරක්ෂාකාරී පහරවල් පිළිබඳවයි. එංගලන්තයේ ක්‍රීඩා කිරීමෙදී පන්දුව එතරම්ම දඟ කැවෙන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකාවෙදි  ඊට ටිකක් වෙනස්. මම හිතන විදියට අපේ ආරක්ෂාකාරී පහර ඒ සඳහා ස්වභාවයෙන්ම තිබිය යුතු ආකාරයෙන් නෑ. අන්න ඒ දේ තමයි අපි මෙහෙදී ගොඩක් අවධානය කළ යුත්තේ. ඔබට ඉදිරියට යෑමේදී ශක්තිමත් ආරක්ෂාවක් ලබා ගැනීම හැම දේටම ප්‍රයෝජනවත්” යැයි දඟ පන්දුවට පහර දීමේදී තමන් සතු අවබෝධය පිළිබඳව ක්‍රෝල් අදහස් දැක්වීය.

අංක 3 ස්ථානයේ නිත්‍ය පිතිකරු ලෙසින් කටයුතු කරන ක්‍රෝලිට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී බොහෝ විට ආරම්භක පිතිකරු ස්ථානයේ කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ නිත්‍ය ආරම්භක පිතිකරු රොරී බර්න්ස් පීතෘ නිවාඩු ලබා ගනිමින් කණ්ඩායමෙන් ඉවත්ව සිටින බැවිනි.

“පන්දුවට පහර දෙන්න මම කැමැතිම තැන කියනවා නම් අංක 3 ස්ථානය තමයි මම කැමැතිය. මගේ සියළු වීරයන් පන්දුවමට පහර දුන්නේ අංක 3 ස්ථානයෙන්. මුල් කාලයේදීත් මට ඕන වුණේ අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට. එතැනදි මම හොඳින් ලකුණු අතරට ආවා” යැයි පවසන ක්‍රෝලි කණ්ඩායමට අවශ්‍ය තමාව ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරවීමට නම් ඒ දේ කිරීමට තමා සූදානම් ස්වරූපයෙන් සිටිනා බවයි.

“ඇත්තටම මට අංක 3 ස්ථානයේ වැඩ කරන විදියට කැමැතියි. මොකද පන්දුවට පහර දීමට පිටියට යෑමට පෙර මට ඉනිම ගැන සිතා බලන්න කාලයක් තියෙනවා. නමුත් ඔවුන්ට මාව ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරවීමට අවශ්‍ය නම් ඒ දේ කිරීමට මම ලෑස්තියි. පෙළ ස්ථාන 4 ම සමානයි කියලා තමයි මම දකින්නේ.  අවකංම කියනවා නම් ඒ ඕනෑම ස්ථානයක පන්දුවට පහර දෙන්න මම කැමැතියි. එහෙම නැතුව මම කැමැති තැන පන්දුවට පහර දෙන්න කිව්වොත් මම අංක 3 පන්දුවට පහර දෙන්න කැමැතියි” යි ක්‍රෝලි සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar