slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2021
අන්තර් සමාජ විස්සයි-20 මාර්තු මුල සිට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු මස 04 වැනිදා ආරම්භ වේ.

දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින්ද බී සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

මාර්තු 14 වැනිදා දක්වා මූලික වටයේ තරග ක්‍රියාත්මක මෙම තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය ඉකුත් වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ්-19 වෛරසයේ දෙවැනි ව්‍යාප්තියත් සමඟ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු 20 වැනිදා පැවැත්වෙනු ඇත.

ඒ කාණ්ඩය – බදුරලිය, සී.සී.සී. බී.ආර්.සී, මීගමුව, ගාල්ල, නුගේගොඩ, කැන්ඩි කස්ටම්ස්       

බී කාණ්ඩය – එන්.සී.සී., කෝල්ට්ස්, ගුවන් හමුදාව, ලන්කන්, වරාය අධිකාරිය, බ්ලූම්ෆීල්ඩ්

සී කාණ්ඩය – හලාවත මේරියන්ස්, එස්.එස්.සී., මුවර්ස්, පොලිස්, කලුතර, කුරුණෑගල තරුණ

ඩී කාණ්ඩය – රාගම, ගුවන් හමුදාව, සැරසන්ස්, පානදුර, ටැමිල් යුනියන්, නාවික හමුදාව, සෙබස්තියනයිට්ස්

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee