slc
Home   |    News
පෙබරවාරි 23, 2021
කොදෙව්වන්ට එරෙහි විස්සයි-20 පිලේ නායකත්වය දසුන් ශානකට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ. එම තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයටද දසුන් ශානක ඇතුළත්ව සිටින නමුත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්ව පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානක මීට පෙර 2019 වසරේ පාකිස්තානයේ පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූ අතර එම තරගාවලිය 3-0 ක් වශයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූවේය.

තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මූලික සංචිතය සඳහා වේග පන්දු යවන ළහිරු කුමාර ඇතුළත්ව සිටියද කොවිඩ් වෛරසය ආසාධනය වීම මත තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබේ. කෙසේ ළහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන සුරංග ලක්මාල්ව ඇතුළත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

නම් කරන ලද සංචිතයට දේශීය ක්‍රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු ලෙස දක්ෂතා දක්වන ලද පැතුම් නිස්සංක සහ දේශීය තරග පිටියේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සැලකෙන අෂේන් බණ්ඩාරවද මෙම තරග සංචාරය සඳහා ඇතුළත් කිරීම විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ෂාන් මදුශංක, සුරංග ලක්මාල්.

එක්දින කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ෂාන් මදුශංක, සුරංග ලක්මාල්.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest