slc
Home   |    News
පෙබරවාරි 24, 2021
පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කරයි

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනයයි

සියළුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12 දෙනකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

පත් කරන ලද එම සම්බන්ධිකාරකවරුන්ගේ ප්‍රධාන වගකීම බවට පත්ව තිබෙන්නේ දිස්ත්‍රික් හා පළාත් ආවරණය වන පරිදි සියලුම වයස් කාණ්ඩ යටතේ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත සොයා දීම වේ.  ඒ අනුව ඔවුන් දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම්, පාසල් පුහුණුකරුවන්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ විදුහල්පතිවරුන් සමඟ කටයුතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැඟවී තිබෙන දක්ෂතා හඳුනා ගනිමින් තරුණ මට්ටමේ වැඩසටහන් හරහා ජාතික තලය දක්වා රැගෙන එනු ඇත.

සම්බන්ධීකාරකවරුන් සිව් දෙනෙකුගෙන් 2017/2018 වසරේදී ආරම්භ වුණු මෙම වැඩසටහන යටතේ 2020 වන විට සම්බන්ධීකාරකවරුන් 6 දක්වා ඉහළ දැමූ අතර අනතුරුව දිවයිනේ සියළුම කළාප ආවරණය වන පරිදි වූ සෙවීම් පුළුල් කිරීමේ පරමාර්ථයෙන් එම සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

එම සම්බන්ධීකාරකවරුන්ගේ පත්වීම් සහතික පිරිනැමීම ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සහ එහි ලේකම් කමල් ඉන්ද්‍රජිත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

නමපළාත
මලික් කීර්ති ප්‍රනාන්දුබස්නාහිර (පිටත)
සමන් හෙට්ටිආරච්චිබස්නාහිර (උතුර)
කනිෂ්ක පෙරේරාබස්නාහිර (මධ්‍යම)
ඩී.එම්. රාජරත්නබස්නාහිර (දකුණ)
සුරාජ් සංජීවබස්නාහිර (දකුණ පිටත)
ලීලානන්ද කුමාරසිරිදකුණ
සිසිර වීරසිංහඌව
ඉන්දික හෙට්ටිආරච්චිනැගෙනහිර
නුවන් සමරනායකමධ්‍යම
කීර්ති ගුණරත්නඋතුරු මැද
ඒ.එම්.ඒ.පී. අතපත්තුවයඹ 
වී. හජීපන්උතුර

ශ්‍රී ලංකා ක්‍රිකට්

මාධ්‍ය අංශය

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest