slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2021
විස්සයි-20 තාවකාලික නායකත්වය මැතිව්ස්ට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස හිටපු ටෙස්ට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

පැරණි ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් ඇමරිකාව හරහා කොදෙව් දූපත් බලා යෑමට වීසා අවසරය නොලැබීම මත ශ්‍රී ලංකා විස්සයි-20 නිත්‍ය නායක දසුන් ශානකට තවමත් කණ්ඩායමට එක්වීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොදෙව් පිලට පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවැරීමට ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම සඳහා මීට පෙර වීසා අවසරය ලැබී තිබුණද එය මුද්‍රා තබා තිබූ කළින් විදේශ ගමන් බලපත්‍රය දසුන් ශානක අතින් අස්ථානගතවීම නිසා මෙම අවාසනාවන්ත ගැටළුවට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ. මේ වන විටත් නැවත වීසා අවසරය ලබා ගැනීම සඳහා සියලු කටයුතු යොදා තිබෙන අතර එම ගැටළුව විසඳුණු වහාම ශානක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් කොදෙව් දූපත් වෙත ගොස් තිබේ. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මස 03 වැනිදා පළමු විස්සයි-20 තරගයට කූලිජ්හිදී සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee