slc
logo
Home   |    News
පෙබරවාරි 5, 2021
ක්‍රිකට් කමිටුවේ මුල් පුටුව අරවින්දට

sinhala editor

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ‘ක්‍රිකට් කමිටුවක්’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා  වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කරනු ඇත.

අරවින්ද ද සිල්වා මහතාට අමතරව හිටපු තරග තීරකවරයකු වන රොෂාන් මහානාම, ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එම කමිටුවේ සාමාජිකයෝ ලෙසින් කටයුතු කරති.  

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee