slc
logo
Home   |    News
මාර්තු 23, 2021
එක්දින කිරුළේ ජයග්‍රාහී ආධිපත්‍ය හලාවත මේරියන්ස් මෙවරත් රැක ගනියිද..?

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2020/21’ හෙට (24 වැනිදා)  ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය හෙට සිට ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු ඇත.

එක්දින තරග අංශය සඳහා දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඒ, බී. සී. සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින්ද බී සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

අප්‍රේල් 05 වැනිදා දක්වා මූලික වටයේ තරග ක්‍රියාත්මක මෙම තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අවසන් වරට පැවැති මෙම එක්දින තරගාවලියේදී කොළඹ එන්. සී.සී. පිලට එරෙහිව ලකුණු 91 ක ජයක් වාර්තා කළ හලාවත මේරියන්ස් කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත්විය. ඒ අනුව ඔවුන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ ශූරතා ලාභීන් වශයෙනි.

ඒ කාණ්ඩය – යුද හමුදාව, ගුවන් හමුදාව, සී. සී. සී., බ්ලූම්ෆිල්ඩ්, බදුරලිය, බී.ආර්.සී., කැන්ඩි කස්ටම්ස්

බී කාණ්ඩය – පානදුර, හලාවත මේරියන්ස්, රාගම, ලලන්කන්, ගාල්ල, නාවික හමුදාව

සී කාණ්ඩය – එන්.සී.සී., ටැමිල් යුනියන්, මීගමුව, ඒස් කැපිටල්, කලුතර නාගරික, නුගේගොඩ

ඩී කාණ්ඩය – එස්.එස්.සී., සැරසන්ස්, කෝල්ට්ස්, මුවර්ස්, කුරුණෑගල, පොලිස්, සෙබස්තියනයිට්ස්.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest