slc
Home   |    News
මාර්තු 5, 2021
කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නාගේ ගෞරවය රොස්කෝ තටිල්ට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙ‍හෙය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන දින (මාර්තු 5) පැවැති තරග වලදී මීගමුව කණ්ඩායමේ රොස්කෝ තටිල් මෙවර තරග වාරයේ කඩුලු 5 ක් දවා ගන්නා ලද පළමු පන්දු යවන්නා බවට පත්විය. බී. ආර්. සී. පිලට එරෙහිව පැවැති තරගයේදී දක්වන ලද මෙම දක්ෂතාවය හේතුවෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට මීගමුව කණ්ඩායමට හැකියාව ලැබිණ.

මීට අමතරව අද පැවැති තරග වලදී රාගම, එන්.සී.සී., හලාවත මේරියන්ස්, කැන්ඩි කස්ටම්ස්, මීගමුව, ගුවන් හමුදාව, මුවර්ස් සහ සැරසන්ස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

  • රාගම -සෙබස්තියනයිට්ස්

රාගමට පහසු ජයක්

පි.සරවනමුත්තු පිටියේ පැවති “ ඩී ” කොටසට අයත් මේ තරගයේ දී සෙබස්තියනයිට්ස් පිල ලකුණු 69කට දවාලු රාගම කණ්ඩායම පන්දුවාර 11.1ක් ඉතිරිව තිබියදී තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලැබුවේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

රාගම කණ්ඩායමේ තෙවන කඩුල්ලට දිනෙත් තිමෝද්‍ය (නොදැවී 29) සහ ජනිත් ලියනගේ (නොදැවී 23) පන්දුවාර 3.5කදී ලකුණු 35ක් එක් කලහ.

සෙබස්තියනයිට්ස් පන්දු වාර 16කදී සියලුදෙනා දැවී 69 යි– (මනෙල්ක ද සිල්වා 15, තමාෂ ප්‍රනාන්දු 11, බිනුර ප්‍රනාන්දු 08/3, ඉෂාන් ජයරත්න 08/3, අමිල අපොන්සු 10/2)

රාගම පන්දුවාර 9.5 කදී කඩුලු දෙකකට 70යි – (දිනෙත් තිමෝද්‍ය 29* ,ජනිත් ලියනගේ 23* ,චරිත් රාජපක්ෂ 15/1)

  • එන්.සී.සී – වරාය අධිකාරී

එන්.සී.සී ට කඩුලු 8ක ජය

සී.සී.සී. පිටියේ පැවති “ බී ” කොටසට අයත් වූ මේ තරගයෙන් එන්.සී.සී කඩුලු 8ක පහසු ජයක් අත්කර ගත්තේ පන්දු 29ක් ඉතිරිව තිබියදී ය. එන්.සී.සී ආරම්භක පිතිකරු ළහිරු උදාර නැවත ලකුණු අතරට පිවිසියේ පන්දු 48කට මුහුණදී හතරේ අටක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 65ක් රැස්කරමිනි.

වරාය අධිකාරිය පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 115යි – (යොහාන් ද සිල්වා 33, ඉරෝෂ් සමරසූරීය 20, චතුරංග ද සිල්වා 16/2, චාමික කරුණා රත්න 23/2)

එන් සී.සී. පන්දුවාර 15.1කදී කඩුලු 2කට 119යි – (ළහිරු උදාර 65* ,කමිල් මිෂාර 22*, ඇන්ජලෝ පෙරේරා 27, රවිඳු රිද්ම 22/1)

  • හලාවත මේරියනස් – කලුතර නාගරික

හලාවත මේරියන්ස් පළමු ජය ලබයි

සී කාණ්ඩය යටතේ එන්.සී.සී පිටියේ පැවති මෙම තරගයෙන් හලාවත මේරියන්ස් කඩුලු තුනකින් ජය ලැබුවේ පන්දුවාර 3.5 ක් ඉතිරව තිබියදීය. මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂිල ද සිල්වා පන්දු 18 කදී හයේ පහරක් හතරේ හතක් සමග ලකුණු 38ක් ද ලසිත් කෲස්පුල්ලේ  පන්දු 20කදී හතරේ හතරක් සමග 33ක් ද රැස් කළහ.

මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් විකට්ටුවට පන්දුවාර 5.1කදී එක් කළ ලකුණු සංඛ්‍යාව 63 කී.

කළුතර නාගරික පන්දු වාර 20කදී කඩුලු 9ට 111යි – (හෙෂාන් විමලධර්ම 53, අනුෂ්ක පෙරේරා 11, තීක්ෂිල ද සිල්වා 26/2, පුලින තරංග 13/2)

හලාවත මේරියන්ස්  පන්දුවාර 16.1 කදී කඩුලු 7ට 112 යි – (තික්ෂිල ද සිල්වා 38, ලසිත් කෲස්පුල්ලේ 33, මිතුන් ජයවික්‍රම 25/2, නුවන් රාජකරුණා 24/2)

  • බදුරලිය -කැන්ඩි කස්ටම්

කැන්ඩි කස්ටම්ස්ට ලකුණු 4 ක තියුණු ජයක්

කටුනායක පැවති “ ඒ“  කොටසේ තරගය උණුසුම් මුහුණුවරක් ඉසිලූ අතර අවසානයේ පන්දු ඕවරයේදී බදුරලියට ලකුණු 9ක් අවශ්‍යය විය. අවසන් කඩුලු 2 ක පමණක් අත ඉතිරිව තිබූ එම පන්දුවාරයේදී බදුරලිය පිලට කඩුල්ලක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

කැන්ඩි කස්ටම් පන්දුවාර 20දී 158 යි – (අකිල් ඉනාම් 38, සම්පත් පෙරේරා 33, නිමන්ත සුබසිංහ 29/2)

බදුරලිය පන්දුවාර 20 දී කඩුලු 9ට 154යි – (ටී.එම්.සම්පත් 43, නිමන්ත සුබසිංහ 23, ඉසිත දේව් 15/4 යි.)

  • මීගමුව – බී.ආර්.සී

මීගමුවට ලකුණු 47 ක ජයක්

‘ඒ’ කාණ්ඩය යටතේ කටුණායකදී පැවති මේ තරගයේ දී නිගම්බු කණ්ඩායමේ මාධව වර්ණපුර ලකුණු 42ක් ලබා පසුව ලකුණු 20කට කඩුළු දෙකක් දවාලමින් තුන් ඉරියව්වේම දස්කම් පෙන්වීමට සමත් විය.

නිගම්බු කණ්ඩායමේ රොස්කෝ කටිල් මෙම තරගාවලියේ ප්‍රථම කඩුළු පහ ලබා ගත්තේ ලකුණු 23කට බී.ආර්.සී. පිතිකරුවන් පස්දෙනෙකුම දවාලමිනි.

නිගම්බු පන්දුවාර 20කදී කඩුළු 6කට 172 යි – (මාධව වර්ණපුර 42, අෂේන් සිල්වා 40, ඩිල්ෂාන් මුනවීර 39, චමීර දිසානායක 27/2යි දුවිඳු තිලක්රත්න 27/2යි)

බී.ආර්.සී පන්දුවාර 20ක දී කඩුළු 9ට 125 යි – (ලියෝ ෆ්‍රැන්සිස්කො 26,ළහිරු සමරකෝන් 24 , ෂානුක දුලාජ් 19, රොස්කො තටිල්  23/5 ,මාධව වර්ණපුර 20/2 ,රොෂේන් ප්‍රනාන්දු 13/2 යි)

  • ගුවන් හමුදාව – ලන්කන්

ගුවන් හමුදාවට කඩුල් 6ක ජය

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවතී “බී” කොටසට අයත් වූ මේ තරගයෙන් ගුවන් හමුදාව කඩුලු 6කින් ජය ගත්තේ තවත් පන්දු 17ක් ඉතිරි ව තිබියදීය. ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ගුවන් හමුදාවේ ළසඳ රුක්මාල් ලකුණු 34 ට කඩුලු තුනක් දවාලුවේය.

ලන්කන් පන්දු වාර 20 දී කඩුලු 6කට 137යි – (හර්ෂ කුරේ 59 යි, සාලිය සමන් 28, ප්‍රීමෝෂ් පෙරේරා 24 යි,ළසඳ රුක්මාල් 34/3,රවිඳු සෙම්බුකුට්ටිගේ 14/1යි)

ගුවන් හමුදාව පන්දුවාර 17.1කදී කඩුලු 4ට 138 යි – (සමීර ද සොයිසා 30, මාධව නිමේෂ් 37, සඳරුවන් චින්තක 19*, උදයවංශ පරාක්‍රම 16, ගීත් කුමාර 22/2, සාලිය සමන් 19/1)

  • මුවර්ස් – පොලිසීය

මුවර්ස්ට කඩුළු හයක ජය

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති “සී” කොටසට අයත් මේ තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුවර්ස් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් තුන් ඉරියව්වේ ම දස්කම් පාමින් ලකුණු 13කට කඩුළු තුනක් දවා පසුව පන්දුවට පහර දෙද්දී පන්දු නවයක දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟ නොදැවී  ලකුණු 23ක් ලබා තුන් ඉරියව්වේ ම දස්කම් පා ජයග්‍රහණයට මුල්විණි.

මුවර්ස් පිලට කඩුලු 6 ක ජයක් අත්වුණු මෙම තරගයේදී එම කණ්ඩායමේ අදීෂ තිලංචන සහ දිලේෂ් ගුණරත්න කඩුළු දෙක බැගින් දවාලුහ.

පොලීසිය පන්දුවාර 20 කදී කඩුළු 9ට 98 යි – (අසේල සිගේරා 21, දුලාෂ් උදයංග 21, මධුර රංග සොයිසා 16, ජීවන් මෙන්ඩිස් 13/3, අදීෂ තිලංචන 17/2, දිලේෂ් ගුණරත්න 15/2)

මුවර්ස් පන්දුවාර 14.3 කදී කඩුලු 4 ට 99 යි – (මොහොමඩ් ෂමාෂ් 26*, ජීවන්  මෙන්ඩිස් 23*, පබසර වඩුගේ 21, පසිඳු සූරියබණ්ඩාර 15, මහේෂ් ප්‍රියදර්ශණ 21/1, සුපුන් මධුශංඛ 15/1යි.)

  • සැරසන්ස – පානදුර

සරසන්ස්ට කඩුළු 8ක ජය

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවති “ඩී” කොටසට අයත් වූ මේ තරගයේ දී පානදුර කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 115කට (පන්දුවාර 19.3කදී) දැවී ගිය පසු සැරසන්ස් කණ්ඩායමේ නායක හෂාන් දුමින්ද (52) සහ චරිත් දුලංජන් (නොදැවී 61) දෙවන කඩුල්ලට ලකුණු 105ක් රැස් කරමින් තම කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියහ.

චරිත දුලංජන නොදැවී ලක්ණු 61ක් ලැබුවේ පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමඟිනි.

පානදුර පන්දුවාර 19.3කදී සියලු ක්‍රිඩකයන් දැවී 115යි – (අරුණ ධර්මසේන 29, සනෝජ් දර්ශික 20, නිමේෂ් විමුක්ති 18, චමින්ද බණ්ඩාර 22/3, හෂේන් රාමනායක 12/1, ප්‍රමෝද් මධුවන්ත 15/2)

සරසන්ස් පන්දුවාර 19.4කදී කඩුළු 2ට 119යි –  (චරිත දුලංජන 61*, හෂාන් දුමින්ද 52, නිමේෂ් විමුක්ති 18/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest