slc
logo
Home   |    News
මාර්තු 7, 2021
කොදෙව් පිලට එරෙහි ටෙස්ට් සටනට පැතුම් නිස්සංකව නම් කරයි

sinhala editor

විස්සයි-20 සහ එක්දින තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංකව ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තවත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරු නිස්සංක, තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නේය. කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු සහ දෙවැනි විස්සයි-20 තරග දෙකේදී ලකුණු 30 සීමාව ඉක්මවාලමින් ලකුණු ලබා ගැනීමට සමත්වූවේ විස්සයි-20 තරග අංශයටද වඩාත් සුදුසු බව පෙන්වා දෙමිනි.

කෙසේ වෙතත් නම් කරන ලද ටෙස්ට් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාද එක්ව සිටියි. ඉකුත් දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජයට මේ දක්වා පැවැති සියලුම ජාත්‍යන්තර තරග වලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවිය. ඒ අනුව ධනංජය ද සිල්වාට අමතරව ළහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු අද අළුයම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියහ.

මෙම ක්‍රීඩකයන් 5 දෙනා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එක්වන අතරතුරදී එක්දින සහ විස්සයි-20 තරග සඳහා පිටත්ව ගිය ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ ඩිල්ෂාන් මදුශංක එක්දින තරගාවලිය අහවර වීමත් සමඟ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටිති.  

ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්.

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee