slc
Home   |    News
මාර්තු 24, 2021
චමරි, නිලක්ෂි සහ හෂිනිගෙන් දස්කම්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ සඳුදා (23) පැවැති තරග හතරකින් නාවික හමුදාව , ගුවන් හමුදාව “ඒ” ගුවන් හමුදාව “බී” සහ යුද හමුදා ඒ කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කළහ.

නාවික හමුදාව කඩුලු 9කින් හලාවත මේරියන්ස්  පිලද ගුවන් හමුදා “ඒ” කඩුලු 7කින් සීනිගම ක්‍රිකට් සමාජය ද පරාජය කළේ පහසු ආකාරයෙනි. ගුවන් හමුදා “බී” සහ කෝල්ට්ස් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගය මඳක් තියුණු මුහුණුවරක් ගත්තත් ගුවන් හමුදා “බී” අවසානයේ ජය ලැබුවේ ලකුණු 42කිනි. පනාගොඩදී පැවැති යුද හමුදා “ඒ” සහ “බී” කණ්ඩායම් අතර තරගයෙන් යුද හමුදා ඒ කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් අත්වූයේ ලකුණු 67කිනි.

ගුවන් හමුදා ඒ සහ සීනිගම අතර තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ චමරි පොල්ගම්පල ලකුණු හතරකට කඩුලු හතරක් දවා පසුව පන්දු 60කදී හතරේ පහරක් සමඟ ලකුණු 26ක් ලබා තුන් ඉරියව්වේම දස්කම් පෑවාය. නාවික හමුදාව සහ හලාවත මේරියන්ස් අතර තරගයේදී නාවික හමුදා නායිකාව හෂිනි පෙරේරා පන්දු 26කදී හතරේ හයක් සමග ලකුණු 29ක් ලබා දස්කම් පාද්දී එම කණ්ඩායමේ සත්‍යා සංදීපනී නොදැවී ලකුණු 34ක් ලබා ගත්තේ හතරේ තුනක් සහ හයේ පහරක්ද සමගිනි. නාවික හමුදාවේ ශෂිකලා සිරිවර්ධන ලකුණු 11කට කඩුලු තුනක්ම බිඳදැමුවාය.

යුද හමුදා ඒ සහ බී කණ්ඩායම් අතර තරගයේදී යුද හමුදා ඒ කණ්ඩායමේ නිලක්ෂි ද සිල්වා ලකුණු 27ක් ලබා පසුව ලකුණු 20කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම දස්කම් දැක්වීමට සමත්වූවාය.

නාවික හමුදා – හලාවත මේරියන්ස්

නාවික හමුදාවට කඩුලු  9 ක ජයග්‍රහණයක්

වැලිසර පැවති මේ තරගයෙන් නාවික හමුදාව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් අතකර ගත්තේ තවත් පන්දුවාර 37.5ක්ම ඉතිරිව තිබියදීය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුවන නාවික හමුදාවේ නායිකා හසිනි පෙරේරා (29) සහ සත්‍යා සංදීපනි (නොදැවී 34) පිත්තෙන් දස්කම් පෑ අතර ශෂිකළා සිරිවර්දන ලකුණු 11කට කඩුලු තුනක් බිඳ දැමුවාය.

හෂිනි පෙරේරා පන්දු 24කදී හතරේ 6ක් සමග ලකුණු 29ක් ද , සත්‍යා සංදීපනි පන්දු 39කදී හතරේ තුනක් හයේ පහරක් සමග නොදැවී 34ක්ද රැස් කළහ. මොවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 7.3 කදී තැබු  සබඳතාවය ලකුණු 48කි.

හලාවත මේරියන්ස් පන්දුවාර 34කදී සියල්ල දැවී 69 යි. – ( තෙලීෂියා චතුරංගි (නොදැවී) 18, ජිනාංජලි විජේනායක 12, ශිකාරි ද සිල්වා 10, සඳුනි නිසංසලා 08, ශෂිකලා සිරිවර්ධන 11/3, මදුරි සමුදිතා 12/2, උදේශිකා ප්‍රබෝධනී 10/2)

නාවික හමුදාව පන්දුවාර 12.1කදී කඩුලු 1ට 72 යි – (සත්‍යා සංදීපනී (නොදැවී) 34 ,හෂිනි පෙරේරා 29,තිළිණි නිශ්ශංක 23/1)

ගුවන් හමුදා “ ඒ ” – සීනිගම

ගුවන් හමුදා ඒ” කඩුලු හතකින් ජයගනී

කටුනායක පැවති මෙම තරගයෙන් ගුවන් හමුදා “ ඒ ”  කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දුවාර 27.2ක්ම ඉතිරිව තිබියදී ය.

ගුවන් හමුදා කණ්ඩායමේ චමරි පොල්ගම්පල පන්දු යැවීමේදී ලකුණු 4කට කඩුලු 4ක් දවා පසුව ලකුණු 26ක්ද රැස් කළාය. ගුවන් හමුදාවේ යශෝධා මෙන්ඩිස් ලකුණු 33ක් ලබා ගත්තේ පන්දු 51කදී හතරේ තුනක් සහ හයේ පහරක් සමගිනි. යශෝධා  සහ චමරි පළමු කඩුල්ලට ලකුණු  76ක්ම රැස්කළේ පන්දුවාර 17.4 කදීය.

සීනිගම පන්දුවාර 40කදී සියල්ල දැවී 92 යි – ( විශ්මි රාජපක්ෂ 26, පියුමි වත්සලා 21, පුජා රශ්මි 12, චමරි පොල්ගම්පල 04/4, ඕෂදී රණසිංහ 26/2)

ගුවන් හමුදා “ ඒ ” පන්දුවාර 22.4කදී කඩුලු 3ට 96 යි -(යශෝධා  මෙන්ඩිස් 33,චමරි පොල්ගම්පල 26,කවිෂා දිල්හාරි 14/1, සුලේෂා සත්සරණි 15/1)

ගුවන් හමුදා“ බී ” – කොල්ට්ස්

ගුවන් හමුදා  “ බී ” පිලට ලකුණු 42ක ජයක්

කොල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයේ දී ගවන් හමුදා “ බී ”  කණ්ඩායමේ කේ.සුරන්ති (නොදැවී 52යි) රුචී සමරසිංහ (27/3 යි) චතුරානි ගුණවර්ධන (25/3) දක්ෂතා මත ඔවුනට ලකුණු 42ක පහසු ජයක් අත්විය. කොල්ට්ස් කණ්ඩායමේ ඉරේෂා ශ්‍යාමලී සහ රංගිකා ප්‍රනාන්දු කැපි පෙණිනි.

ගුවන් හමුදා “බී”  පන්දුවාර 50කදී කඩුලු 9ට 143 යි – (කේ.සුරන්ති (නොදැවී) 52, රශ්මි සිල්වා 24, හිරුෂි පිරීස් (නොදැවී) 25, රංගිකා ප්‍රනාන්දු 29/2, රුචී සමරසිංහ 26/2)

කොල්ට්ස් පන්දුවාර 42.2 කදී සියල්ල දැවී 102 යි – (ඉරේෂා ශ්‍යාමලී 30, දුලංගා දිසානායක 11, රුචී සමරසිංහ 27/2, චතුරංගනී ගුණවර්ධන 25/3)

යුද හමුදා “ ඒ ” -යුධ හමුදාව “ බී ”

යුද හමුදා “ ඒ ” ලකුණු 67 කින් ජයගනියි

යුධ හමුදා “ ඒ ” කණ්ඩායමේ නිලක්ෂි ද සිල්වා මේ තරගයේ දී තුන් ඉරියව්වේම සද්කම් දැක්වුයේ ලකුණු 27ක් රැස් කර පසුව ලකුනු 20කට කඩුලු 3ක් දවාලමිනි ඇයද ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවකි.

යුධ හමුදා “ ඒ” කණ්ඩායමේ සුගන්ධිකා කුමාරි පන්දු යැවීමේදි ලකුණු 23කට කඩුලු හතරක් දවා දස්කම් දැක්වූවාය.

යුධ හමුදා “ ඒ ” පන්දුවාර 49.4කදී 148 යි – (අනුෂිකා සංජීවනී 37, නිලක්ෂිද සිල්වා 27, මධුෂිකා මෙත්තානන්ද 19, අචිනි කුලසූරිය15, සුදර්ශනි බණ්ඩාර 4/2යි, නිලංගිකා ද සිල්වා 24/2, අයේෂා සඳමාලි 30/2)

යුද හමුදා “බී” කණ්ඩායම පන්දුවාර 38.2දී 81යි – (සචිනි ද සිල්වා 28, සිතුමිණි පීරිස් 11, දිලූෂා හිදගොඩ 13, සුදර්ශනී බණ්ඩාර 12, සුගන්ධිකා කුමාරි 23/4, නිලක්ෂි ද සිල්වා 20/3, ගනේෂා චාමරී 10/2)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest