slc
Home   |    News
මාර්තු 5, 2021
ප්‍රධානතම විස්සයි-20 ආරම්භක දිනයේදී කුරුණෑගල තරුණයින්ගෙන් පෙරැළිකාර ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන 2020-21 අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී ප්‍රබල කණ්ඩායමක් ලෙසින් සැලකෙන හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 16 ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට කුරුණෑගල තරුණ කණ්ඩායම සමත්විය.

එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ පැවැති සී.සී.සී සහ ගාල්ල අතර තරගයේදී ගාල්ල ලකුණු 75කට දවාලු සී.සී.සී. කණ්ඩායම කඩුලු 8කින් තරගය ජය ගත්තේ පන්දුවාර තවත් 12.5ක් ඉතිරිව තිබියදීය.

බදුරලිය සහ නුගේ‍ගොඩ අතර තරගයේදී තුන් ඉරියව්වේම දස්කම් පෙන්වු නුගේගොඩ කණ්ඩායමේ ප්‍රමුද හෙට්ටිආරච්චි පන්දු 31කදී ලකුණු 43ක් ලබා පසුව ලකුණු 13කට කඩුලු හතරක් බිදදැමීය.

එන්.සී.සී – බ්ලූම්ෆීල්ඩ් තරගයෙන් එන්.සී.සී. කණ්ඩායමේ හසිත බෝයගොඩ ලකුණු 38ක් ලැබු අතර චාමික ගුණසේකර ලකුණු හතරකට කඩුලු තුනක් දවාලූවේය. මේ තරගයෙන් එන්.සී.සී ට ලකුණු 49ක ජයක් අත්විය.

කෝල්ට්ස් සහ වරාය අධිකාරිය අතර තරගයෙන් කෝල්ට්ස් කඩුලු අටක ජයක් ලැබූ අතර එම කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා පන්දු 36කට පමණක් මුහුණදී හයේ හතරක් හතරේ තුනක් සමග නොදැවී ලැබු ලකුණු ප්‍රමාණය 62කි.

එන්.සී.සී – බ්ලූම්ෆීල්ඩ්

එන්.සී.සී කණ්ඩායමට ලකුණු 49ක ජයක්

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් පරාජය කර එන්.සී.සී ලකුණු 49ක ජය ලැබුවේ පහසු ආකාරයකිනි.එන්.සී.සී.කණ්ඩායමේ චාමික ගුණසේකර ප්‍රබල පන්දු යැවීමක නිරතවෙමින් පන්දුවාර තුනක් යවා ලකුණු හතරකට කඩුලු තුනක් දවාලීමට සමත්විය. එන්.සී.සී ආරම්භක පිතිකරු හසිත් බෝයගොඩ ලකුණු 38ක්ද කමිල් මිෂාර ලකුණු 29ක් රැස්කළහ.

එන්.සී.සී පන්දු වාර 20කදී කඩුලු 7කට 155යි – (හසිත බෝයගොඩ 38, කමිල් මිෂාර 29, ළහිරු උදාර 22, ඇන්ජලෝ පෙරේරා 22යි, දේශාන් ප්‍රනාන්දු 20/3යි)

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 20කදී කඩුලු 7ට 106යි (හර්ෂ විතාන 25, නිපුන් හග්ගල්ල 23, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 22යි, චාමික ගුණසේකර 4/3යි, සහන් ආරච්චිගේ 22/2)

එස්.එස්.සී – කලුතර නාගරික

එස්.එස්.සී කණ්ඩායමට ලකුණු 27ක ජයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් එස්.එස්.සී.කණ්ඩායමට ලකුණු 27ක ජය අත්විය. එස්.එස්.සී කණ්ඩායමේ ක්‍රිෂාන් සංජුල පන්දු 40කදී හතරේ පහක් සමග ලකුණු 52ක් ලැබීමට සමත්විය. එස්.එස්.සී කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 25කට ප්‍රතිවාදි කඩුලු තුනක් දවාලුවේය.

එස්.එස්.සී පන්දුවාර 20කදී කඩුලු 8කට 148යි – (ක්‍රිෂාන් සංජුල 52, සොහාන් ලිවේරා 19, නුවනිඳු ප්‍රනාන්දු 19, නිපුන් කාරියවසම් 31/4, ආර්.පුංචිහේවා 25/1)

කලුතර නගර කණ්ඩායම පන්දු වාර 19.2කදී 121යි –(ගිහාන් රූපසිංහ 36, හිමේෂ් රාමනායක 21/2, ජෙෆ්රි වැන්ඩසේ 25/3, හරිත ජයසූරිය 26/2)

රාගම – ශ්‍රී ලංකා නාවික හමුදාව

රාගම ක්‍රිකට් සමාජයට කඩුලු හතරක ජයක්

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී කණ්ඩායම් දෙකම අඩු ලකුණු රැස් කළත් රාගම කණ්ඩායම අවසානයේ කඩුලු හතරක ජය ලැබීය.

නාවික හමුදාව පන්දුවාර 20කදී කඩුලු 9ට 87යි – (චානක රුවන්සිරි 24, අමේන්ද්‍ර අකුරගොඩ 18, ශලිත් ප්‍රනාන්දු 14, ඉෂාර ජයරත්න 20/3, බිනුර ප්‍රනාන්දු 11/2, ජනිත් ලියනගේ 8/2)

රාගම පන්දුවාර 17.4කදී කඩුලු 6කට 88යි – (ජානක සම්පත් 18, උදාර ජයසුන්දර 17, නිෂාන් මධුෂ්ක 27, ඩිලංක අවුවාඩ් 17/2)

නුගේගොඩ – බදුරලිය

නුගේගොඩට ලකුණු 25ක ජයක්

නුගේගොඩ කණ්ඩායමේ මුදිත ලක්ෂාන් පන්දු 42කදී හයේ පහර තුනක් හතරේ පහරක් සමග ලකුණු 73ක් රැස්කළ අතර එම කණ්ඩායමේ ප්‍රමුද හෙට්ටිආරච්චි ලකුණු 13කට කඩුලු හතරක් දවාලීමට සමත්වූහ. මේ තරගය පැවැතියේ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීය.

නුගේගොඩ පන්දු වාර 20කදී කඩුලු 8කට 164යි – (මුදිත ලක්ෂාන් 73, ප්‍රමුද හෙට්ටිආරච්චි 43, මිතිර තේනුවර 25/3, අලංකාර සිල්වා 32/2)

බදුරලිය පන්දු වාර 18.2කදී සියලුදෙනා දැවී 139යි – (සදුන් වීරක්කොඩි 37, දුමින්ද සිරිවර්ධන 25, යසේද ලංකා 14, ප්‍රමුද හෙට්ටිආරච්චි 13/4, උමේෂ් කරුණාරත්න 27/2)

සී.සී.සී – ගාල්ල

සී.සී.සීට කඩුලු 8ක ජය

එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් සී.සී.සී.කණ්ඩායම පහසුම ජයක් ලැබුවේ කඩුලු අටකිනි. ගාල්ල මුලින් පන්දුවට පහරදී ලබාගත්තේ ලකුණු 75කි. මෙහිදි ලකුණු දහය ඉක්මවූයේ එරංග රත්නායක පමණි (17) සී.සී.සී පිල වෙනුවෙන්  නායක මිනෝද් භානුක නොදැවී ලකුණු 29ක් රැස්කළේය.

ගාල්ල පන්දු වාර 16.1කදී සියලු ක්‍රීඩකයන් දැවී 75යි  – (එරංග රත්නායක 17,ළහිරු ගමගේ 6/2, ළහිරු මධුශංඛ 7/2, මලින්ද පුෂ්පකුමාර 12/2, අෂාන් ප්‍රියංජන් 25/2)

සී.සී.සී පන්දු වාර 7.1කදී කඩුලු 2ක් දැවී 79යි – (මිනෝද් භානුක නොදැවී 29, රොන් චන්ද්‍රගුප්ත 24, මළිදු මධුරංග 17, චලනද සිල්වා 18/1)

වරාය අධිකාරී – කෝල්ට්ස්

කෝල්ට්ස්ට කඩුලු 8ක ජය

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා පන්දු 36කදී හයේ හතරක් හතරේ තුනක් සමග නොදැවී ලකුණු 62ක් ලැබීය. එම කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ලකුණු 17කට කඩුලු 3ක් දවාලුවේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පන්දු වාර 19.5කදී 128යි – (ඉෂාන් රංගන 39, නිමන්ත පෙරේරා 23, යොහාන් ද සිල්වා 20යි, ධනංජය ලක්ෂාන් 17/3, සාරංග රාජගුරු 23/2)

කෝල්ට්ස් පන්දු වාර 15.5කදී කඩුලු 2ට 129 – (ප්‍රියමාල් පෙරේරා 62*, සංගීත් කුරේ 36, කිත් රුවන් විතානගේ 24, රජීව් වීරසිංහ 25/1)

කුරුණෑගල තරුණ – හලාවත මේරියන්ස්

කුරුණෑගල තරුණ පිලට පෙරැළිකාර ජයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් ප්‍රබල හලාවත මේරියන්ස් පරදා කුරුණෑගල යූත් ලකුණු 16ක ජයක් අත්කර ගත්තේය.

කුරුණෑගල යූත් පන්දුවාර 20කදී කඩුලු 8ට 151යි – (ගයාන් මනීෂාන් 42, ධනුෂ්ක ධර්මසිරි 53, සඳුන් මෙන්ඩිස් 30/2, පුලින තරංග 22/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 19.2කදී සියල්ල දැවී 135 යි – (ලසිත් කෲස්පුල්ලේ 35, කසුන් විදුර 36, නිමසර අතරගල්ල 26/4, ළහිරු ජයරත්න 24/2යි)

ටැමිල් යූනියන් – යුද හමුදාව

ටැමිල් යූනියන්ට කඩුලු හයක ජයක්

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් ටැමිල් කණ්ඩායම කඩුලු හයක පහසු ජයක් අත්කරගත් අතර ඔවුනගේ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම අර්ධ ශතකයක් රැස් කළේය.

යුද හමුදාව පන්දු වාර 19.3කදී 104යි – (අසේල ගුණරත්න 34, අෂාන් රන්දික 14, ශිරාන් ප්‍රනාන්දු 17/3, ඉසුරු උදාන 16/2, රවිඳු ප්‍රනාන්දු 11/2)

ටැමිල් යූනියන් පන්දු වාර 17.5කදී කඩුලු 4ට 108යි – (සධීර සමරවික්‍රම 52, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 29, මතීෂ් තීක්ෂණ 13/2)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest