slc
logo
Home   |    News
මාර්තු 12, 2021
ලහිරු සමරකෝන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ බදාදා පැවැති තරග අතරින් නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට බී. ආර්.සී. පිලේ ළහිරු සමරකෝන් සමත්විය.

18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු 3 දී මුදිත ලක්ෂාන්, ප්‍රමුද් හෙට්ටිවත්ත සහ විකුම් සංජයගේ කඩුලු දවා ගනිමින් ළහිරු එම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය.

මේ අතර එදින පෙරවරුවේ පැවැති තරග වලදී  සී.සී.සී., කෝල්ට්ස්, හලාවත මේරියන්ස් සහ යුද හමුදාව ජයග්‍රහණ අත්කර ගත්හ. පස්වරුවේ පැවැති තරගවලට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් අතර මඟ නවතා දැමීමට සිදුවිය.

සී.සී.සී – කැන්ඩි කස්ටම්

සී.සී.සී. ට කඩුලු 4ක ජයක්

‘ඒ’ කොටස යටතේ එස්.එස්.සී. පිටියේ පැවැති මෙම තරගය අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වෙමින් පැවැති අතර එහිදී ලකුණු 92 ක ඉලක්කයක් හඹා ගිය සී. සී. සී. පිල කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරා ගියේය.

සී.සී.සී කණ්ඩායමේ ලසිත් අබේරත්න පන්දු 35 කදී හතරේ පහර 9 ක් සමඟින් ලකුණු 53 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියද සෙසු එකම පිතිකරුවකුට හෝ ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට අසමත්විය.

කැන්ඩි කස්ටම් පන්දුවාර 18.4කදී සියලුදෙනා දැවී 91යි. – (විශ්ව විජේරත්න  36, අකිල් ඉන්හම් 13, මාලින්ද පුෂ්පකුමාර 9/4, ළහිරු මදුෂංක 25/3, අෂාන් ප්‍රියංජන 17/1යි)

සී.සී.සී පන්දුවාර 15.1කදී කඩුලු 6කට 92 යි – (ලසිත් අබේරත්න 53, ඉසිත විජේසුන්දර 24/3, සචිත්‍ර පෙරේරා 13/3යි)

කොල්ට්ස් – බ්ලූම්ෆීල්ඩ්

කොල්ට්ස් පිලට ලකුණු 20 ක ජයක්

සී.සී.සී පිටියේ පැවති “බී” කොටසට අයත් මේ තරගයේ දී කොල්ට්ස් ජයග්‍රහණයට වැඩිපුරව දායකත්වයක් ලබා දුන්නේ ලකුණු 63ක් ලබා ගත් ධනංජය ලක්ෂාන් සහ  ලකුණු 22කට කඩුලු තුනක් දවාලු සාරංග රාජගුරු ය. තරගයේ එකම අර්ධශතක ලාභියා වන ධනංජය ලක්ෂාන් පන්දු 47කට මුහුණ දී හයේ පහර තුනක් හතරේ පහරක් සමග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63කි.

කොල්ට්ස් පන්දුවාර 20කදී කඩුලු 8කට 146 යි – (ධනංජය ලක්ෂාන් 63, සංගීත් කුරේ 33, කවිෂ්ක අංජුල 15, දීලීප ජයලත් 15/2, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 31/2)

බ්ලූම්ෆිල්ඩ් පන්දුවාර 20කදී කඩුලු 6ට 126යි – (සචින් ජයවර්ධන 32, හර්ෂ විතාන 25, කසුන් ඒකනායක 18, සාරංග රාජගුරු 22/3)  

හලාවත මේරියන්ස් – පොලීසීය

හලාවත මේරියන්ස් පිලට ලකුණු 34 ක ජයක්

කොල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවතී “සී” කොටසට අයත් වූ මේ තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් මේරියන්ස් පිල අවසාන පන්දුවාර 5.5 තුළදී ලකුණු 64ක් රැස්කීරීමෙන් ඔවුනට තම ඉනිමට ප්‍රමාණවත් ලකුණු ( 164) සංඛ්‍යාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසිණි. මේරියන්ස් නායක තික්ෂිල ද සිල්වා පන්දු 43කදී හයේ හතරක් හතරේ තුනක් සමග ලකුණු 54ක් රැස්කර වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.පොලීසියේ මලිත් ද සිල්වා ප්‍රබල පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 22කට කඩුලු තුනක් දවාලුවේය.

හලාවත මේරියන්ස් පන්දුවාර 20කදී කඩුලු හතට 164යි – (තික්ෂිල ද සිල්වා 54, රුමේෂ් බුද්ධික 36,කසුන් විදුර 29, චරිත් ද සිලවා 22/3, දනල් හෝමානන්ද 35/2)

පොලීසිය පන්දුවාර 20කදී කඩුලු 8කට 130 යි – (සූජාන් මයුරංග 29, දුලාජ් උදයංග 25, මංජුල ජයවර්ධන 18, පුලින තරංග 23/3, රවීන් යසස් 17/2, අවිඳු තීක්ෂණ 28/2)

යුද හමුදාව -සෙබස්ටියනයිට්ස්

යුද හමුදාවට කඩුලු 7ක පහසු ජයක්

යුද හමුදා නායක අසේල ගුණරත්න පන්දු 47කදී හයේ තුනක් හතරේ තුනක් සමග නෙදැවී ලකුණු 58ක් සහ හිමාෂ ලියනගේ පන්දු 35කදී හයේ තුනක් හතරේ තුනක් සමග නොදැවී ලකුණු 51ක්ද ලබා ගැනීම නිසා යුද හමුදා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 11.2කදී ලකුණු 108ක් රැස් කිරීමට සමත්වීමත් සමග පහසු ජයග්‍රහණයක් කරා යෑමට අවස්ථාව උදාවිය.

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 20කදී කඩුලු හතරට 141යි – (සමින් කඳනආරච්චි 55, සචිත්‍ර ජයතිලක 26*, මනෙල්ක ද සිල්වා 23, අසේල ගුණරත්න 22/2යි)

යුධහමුදාව පන්දුවාර 16.3කදී කඩුලු 3කට 143යි – (අසේල ගුණරත්න 58*, හිමාෂ ලියනගේ 51*, චරිත් රාජපක්ෂ 15/2)

නුගේගොඩ – බී.ආර්.සී

විසඳුමක් නෑ 

එස්.එස්.සී පිටියේ පැවැති “ඒ” කොටසට අයත් මේ තරගයේ පන්දුවට පහර දුන්නේ නුගේගොඩ කණ්ඩායම පමණකි. සවස් වරුවේ පැවැති වර්ෂාව මත බී.ආර්.සී කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව නොලැබිණි. තරගයේ එකම කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ බී.ආර්.සී කණ්ඩායමේ ළහිරු සමරකෝන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීමය. මෙය මෙවර තරගාවලියේ පන්දු යවන්නකු විසින් ලබා ගන්නා ලද පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් විය.

නුගේගොඩ පන්දු වාර 19කදී කඩුලු 8ට 164යි – (ප්‍රමුද් හෙට්ටිවත්ත 66, උමේෂ් කරුණාරත්න 38, මුදිත ලක්ෂාන් 21, භානුක රාජපක්ෂ 26/3යි, ළහිරු සමරකෝන් 24/3යි)

බී.ආර්.සී – අයහපත් කාලගුණය මත පන්දුවට පහර දුන්නේ නැත.

සරසන්ස් – නාවික

තරගයේ තීරණයක් නෑ. දෙපිළටම සම ලකුණු (1-1)

කටුනායක පැවැති “ඩී” කොටසට අයත් මේ තරගයේදී පන්දුවට පහර දුන්නේ සරසන්ස් කණ්ඩායම පමණකි. වර්ෂාව මත නාවික හමුදාවට පන්දුවට පහරදීමට අවස්ථාව නොලැබිණි. සරසන්ස් කණ්ඩායමේ ප්‍රමෝද් මධුවන්ත (23) සහ නවිඳු විතානගේ (22) පිත්තෙන් දස්කම් පෑ අතර නාවික හමුදාවේ බුද්ධික මධුෂාන් ලකුණු 24කට කඩුලු තුනක් දවාලූවේය.

නුගේගොඩ පන්දු වාර 19කදී කඩුලු 7කට 132යි – (ප්‍රමෝද් මධුවන්ත 23, නවිඳු විතානගේ 22, චරිත් කුමාරසිංහ 16, සංජය චතුරංග නොදැවී 16, බුද්ධික මධුෂාන් 24/3යි, දිලංක අවුවාඩ් 21/2යි, චානක රුවන්සිරි 37/2යි)

නාවික හමුදා පිල – අයහපත් කාලගුණය මත පන්දුවට පහර දුන්නේ නැත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee