slc
logo
Home   |    News
මාර්තු 1, 2021
ලීග් තරගාවලියේ වීරයා වූ අශාන් ප්‍රියන්ජන්ට මෝටර් රථයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වන ලද අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ගේ දක්ෂතා අගය කිරීම වෙනුවෙන් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සභාව පියවර ගනු ලැබීය.

ඒ අනුව තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් වුණු කොළඹ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ළහිරු උදාරටත් දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණු බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්නටත් මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් හිමිවනු ඇත.

මෙම ත්‍යාග වලට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මාන දිනා ගත් කොළඹ සී. සී. සී. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්ට මුදලින් රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ 20 ක් වටිනා මෝටර් රථයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

මෙම ත්‍යාග පිරිනැමීම අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම සීමිත පන්දුවාර තරගාවලියේ ජය සංකේතපත් ප්‍රදානයට සමගාමීව සිදුකෙරිණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු ලේකම් මොහාන් ද සිල්වා, තරගාවලි කමිටු සභාපති බන්දුල දිසානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee