slc
logo
Home   |    News
මාර්තු 18, 2021
යාපනයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගැටළුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විසඳුම්

Sri Lanka Cricket

18-03-2021

ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙතෙක් කලක් යාපනය ප්‍රදේශය තුළට මහත් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය මල්ඵල ගන්වමින් යාපනයේ මල්ලාකම්හි ඉදිකර තිබෙන ‘මල්ලාකම් ශ්‍රී බාස්කරන් ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ක්‍රීඩක අයිතියට පැවැරීම ඉකුත් සති අන්ත ඉරිදා (14 දා) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. 

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩපිළිවෙළ යටතේ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. මෙම ක්‍රීඩාංගණ විවෘත කිරීමට සමගාමීව යාපනයේ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතුව සිටින කාන්තා සහ පිරිමි ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් උපකරණ කට්ටල තොගයක්ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

යාපනය ප්‍රදේශයේ විසූ ප්‍රකට දානපතියකු මෙන්ම සමාජ සේවකයකු වන නැසී ගිය ශ්‍රී බාස්කරන් මහතාට අයත් භූමිභායක ඉදිකර තිබෙන මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් යාපනය දිස්ත්‍රික්කයේ ලේකම් කනවතී පිල්ලෙයි මහසෙන් මහතා සහභාගිවීය. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යාපෘති සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සිවාසිරි, 51 වැනි සේනාංක සේනාධිංකාධිපති මේජර් ජනරාල් කේ. පී. එස්. ප්‍රේමලාල්, බ්‍රිගේඩියටර් ඒ. එස්. එම්. ෆාරිස්, යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති අමලදාස් සෙරේනස් නිශාන්තන් සහ එම සංගමයේ ලේකම් කාසිනාදන් සසිකරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහභාගිවූහ. ඊට අමතරව ශ්‍රී බාස්කරන් පදනම වෙනුවෙන් ඒ මහතාගේ භාර්යාව වන ශ්‍රී බාස්කරන් මැතිණියද සහභාගිවී සිටියාය.

අදියර කීපයක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන මෙම ක්‍රීඩාංගණයේ මූලික අදියර යටතේ මැටි තණතීරුවට අමතරව පැති පුහුණු තණතීරු 2 ක්, කාර්යාල පරිශ්‍රයක් සහ ක්‍රීඩාගාරයක් විවෘත කරනු ලැබීය. මෙහි දෙවැනි අදියර වශයෙන් තණතීරු එළිම සිදු කෙරෙන අතර එහිදී ක්‍රීඩාංගණයේ කාණු පද්ධතිය, කායවර්ධන මධ්‍යස්ථානයක්, ලකුණු පුවරුවක්, දර්ශන තිර, ක්‍රීඩක විවේකාගාරය, ප්‍රේක්ෂකාගාර මෙන්ම ගෘහස්ථ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදුකිරීම මෙන්ම නඩත්තු උපකරණ ලබා දීමට නියමිතය.

මල්ලාකම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාලන කටයුතු සියල්ල යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සිදුකරනු ලබන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 26 ක් සහ පාසල් 16 කට මෙම ක්‍රීඩාංගණය භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

REF: 04/21

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee