slc
Home   |    News
අප්‍රේල් 11, 2021
එන්.සී.සී. ක්‍රීඩකයෝ එක්දින ශූරතාව දිනා ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් ශූරතා අවසන් මහ තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 145 ක දැවැන්ත ජයක් වාර්තා කළ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී.කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරයින් ලෙස අද (11 දා) කිරුළු පැළඳූහ.

පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී එන්.සී.සී. පිල ලබාගත් ලකුණු 286ට පිළිතුරු ලෙස රාගම කණ්ඩායමට පන්දුවාර 30.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 141ක් පමණකි.

ලකුණු 113ක් රැස්කළ එන්.සී.සී.අංක තුන පිතිකරු කමිල් මිෂාර අවසාන තරගයේ වීරයා ලෙසත් රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන ලැබූහ.

ලකුණු 287ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පැමිණි රාගම පිතිකරුවන්ගෙන් 7 දෙනෙකුම චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර බෙදා ගත්හ. ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් ඉනිම ආරම්භයේ සිටම කඩුලු බිද වැටෙමින් අසීරු තත්ත්වයකට රාගම පිලට මුහුණ පෑමට සිදුවිණි.මෙහිදී ජනිත් ලියනගේ පමණක් පන්දු 71කදී හතරේ පහර දෙකක් සමග ලකුණු 41ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන්ගෙන් ලකුණු 20 ඉක්මවූයේ ජනක සම්පත් (21) පමණකි. ඊට අමතරව නිශාන් මධුශංඛ ලකුණු 15ක් ලැබීය.

එන්.සී.සී.කණ්ඩායම  කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කර පන්දුවාර 7.2ක් වනවිට ආරම්භක පිතිකරු යුගලය වූ නිමේෂ් සිල්වා (01) සහ උපුල් තරංග (10) මුළු ලකුණු 20 ක් වනවිට දැවී ගියහ.

තෙවන හා සිව්වන කඩුලුවලට කමිල් මිෂාර,කවන් බණ්ඩාර සහ නායක ඇන්ජලෝ පෙරේරා සාර්ථක සබඳතා පැවත්වීමෙන් ඔවුනට ලකුණු 286ක් වැනිලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවිණි.

අර්ධ අවසන් පූර්ව තරගයේදී ශතකයක් රැස්කළ කමිල් මිෂාර මෙදිනද ලකුණු 113ක් ලබා ගත්තේ පන්දු 132කට මුහුණ දී හතරේ පහර නවයක් සමගිනි.මේ ලාබාල පිතිකරුවා මේ තරගාවලිය පුරාම පන්දුවට පහරදුන් අකාරය ප්‍රසසංසනීය විය.

මීට අමතරව කවීන් බණ්ඩාර පන්දු 76කදී හතරේ හයක් සමග ලකුණු 65ක්ද නායක ඇන්ජලෝ පෙරේරා පන්දු 43කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමග ලකුණු 61ක්ද රැස්කර කණ්ඩායමේ ඉනිම ගොඩනැංවීමට උර දුන්හ. අවසාන පන්දු කිහිපයේදී පන්දුවට පහරදීමට පැමිණි චාමික කරුණාරත්න නොදැවී ලකුණු 12ක් ලබා සිටියේ පන්දු හයකට මුහුණදී හයේ පහරක්ද එල්ල කරමිනි.

මේ කණ්ඩායමේ හොඳම සබඳතාවයන් දෙක වූයේ තෙවන කඩුල්ලට කමිල් මිෂාර සහ කවින් බණ්ඩාර ලබාගත් ලකුණු 137 සම්බන්ධතාවයයි. සිව්වැනි කඩුල්ලට කමිල් මිෂාර සහ නායක ඇන්ජලෝ පෙරේරා පන්දුවාර 13.4කදී රැස්කළ ලකුණු 98 ත් එන්.සී.සී, ඉනිමට වඩා වැදගත් විය. කමිල් සහ ඇන්ජලෝ පන්දුවට පහර දෙන අවස්ථාවේ කණ්ඩායම පහසුවෙන් ලකුණු 300 සීමාව ඉක්මවන ලකුණු පහළ කළත් කමිල්ගේ දැවීයාමත් සමග ඉනිමේ ලකුණු රැස්කිරීමේ වේගයද අඩාල විණි.

රාගම පන්දු යවන්නන් අතුරින් කැලී පෙනුණේ නායක ඉෂාන් ජයරත්න(52/3 යි) සහ බිනුර ප්‍රනාන්දු (55/3 යි) යන ආරම්භක පන්දු යවන්න් දෙදෙනා ය මීට අමතරව ජානක සම්පත් කඩුල්ලක් දවාලුවේ ලකුණු 46ක් ලබා දෙමිනි.

ත්‍යාග ප්‍රධානයේදී මෙම තරගාවලියට අමතරව ඉකුත්දා නිමාවට පත්වුණු අන්තර් සමාජ කාන්තා I කොට‍සේ ත්‍යාග ප්‍රදානයද මෙදිනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් ප්‍රධානී චින්තක එදිරිසිංහ මහතා අතින් එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීම සිදුකැරිණි.

දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදුන් ත්‍යාග

පිරිමි

ශූරතාව – එන්.සී.සී කණ්ඩායම මුදලින් රුපියල් ලක්ෂ හතහමාරයි

අනුශූරතාව – රාගම ක්‍රීඩා සමාජය – මුදලින් රුපියල් ලක්ෂ 5 යි

දක්ෂතම පන්දු යවන්නා – තරග 5කදී කඩුලු 14ක් දවාගත් රාගම ක්‍රීඩා සමාජයේ බිනුර ප්‍රනාන්දු – ත්‍යාග මුදල රුපියල් ලක්ෂයයි.

දක්ෂතම පිතිකරු – තරග 6කදී ශතක 2ක් සමග ලකුණු 348ක් රැස්කරමින් ලකුණු 87ක සාමාන්‍යක් ලබාගත් එස්.එස්.සී පිලේ චරිත් අසලංක – ත්‍යාග මුදල රුපියල් ලක්ෂයක්

තරගාවලියේ වීරයා – තරග 7කදී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 139ක සාමාන්‍යයක් ලබා ලකුණු 419ක් රැස්කළ රාගම ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේ – රුපියල් ලක්ෂ 2යි

අවසන් තරගයේ වීරයා – ලකුණු 113 ක් රැස් කළ වමත් පිතිකරු කමිල් මිශාර – රුපියල් 75000

කාන්තා

දක්ෂතම පිතිකාරිනිය – නිලක්ෂි ද සිල්වා (යුද හමුදාව) – රුපියල් 75,000යි.

දක්ෂතම පන්දු යවන්නිය – ඉනෝකා රණවීර (නාවික හමුදාව) – රුපියල් 75,000 යි.

තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (හලාවත මේරියන්ස්) – රුපියල් 75,000යි.

ශූරතාව –  නාවික හමුදාව – රුපියල් ලක්ෂ 4 යි

අනුශූරතාව – ගුවන් හමුදාව “ඒ” රුපියල් ලක්ෂ 2යි

එන්.සී.සී පන්දුවාර 50කදී කඩුලු 7ක් දැවී 286යි – (කමිල් මිෂාර 113යි, කවීන් බණ්ඩාර 65, ඇන්ජලෝ පෙරේරා 61, චාමික කරුණාරත්න නොදැවී 12, ඉෂාන් ජයරත්න 52/3, බිනුර ප්‍රනාන්දු 55/3, ජානක සම්පත් 46/1යි)

රාගම පන්දු වාර 30.3කදී සියල්ල දැවී 141යි – (ජනිත් ලියනගේ 42, ජනක සම්පත් 21, නිශාන් මධුශංඛ 15, චාමික කරුණාරත්න 37/4යි, ළහිරු කුමාර 30/3යි, නිමේෂ් ද සිල්වා 20/1යි)

  • බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest