slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2021
කණ්ඩායම් 6 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති

sinhala editor

‘බී’ සහ ‘සී’ කාණ්ඩ යටතේ අර්ධ අවසන් පූර්ව තරග වරම් දිනා ගෙන සිටින ඒන්.සී.සී., ද්‍රවිඩ සංගම්, රාගම සහ නාවික හමුදා කණ්ඩායම් වලට අමතරව ඒස්. ඒස්. සී. සහ බදුරලිය ක්‍රීඩා සමාජ මූලික වටය යටතේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිති.

‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ යටතේ අර්ධ අවසන් පූර්ව තරග වටයට සුසුදුකම් ලබන කණ්ඩායම් 2 කවුරුන්ද යන්න අප්‍රේල් මස 05 වැනිදා පැවැත්වීමට නියමිත තරගවලින් අනතුරුව තීරණය වනු ඇත. ‘ඒ’ කාණ්ඩය යටතේ යුද හමුදාව සහ සී. සී. සී. කණ්ඩායම් අතර තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායම අවසන් පූර්ව තරගය වටය සඳහා සුදුසකම් ලබන අතර ‘ඩී’ කාණ්ඩය යටතේ පැවැත්වීමට නියමිත මුවර්ස් සහ සෙබස්තියනයිට්ස් තරගය එම කාණ්ඩයේ තීරණාත්මක තරගය වේ. යම් ලෙසකින් එම තරගය ජය ගැනීමට මුවර්ස් පිල සමත් වුවහොත් ඔවුනු සෘජුවම මීළඟ තරග වටයට සුදුසුකම් ලබනු ඇත. යම් ලෙසකින් එම තරගය මුවර්ස් පරාජයට පත්ව සැරසන්ස්ට එරෙහි තරගය මුවර්ස් පිල ජය ගැනීමට සමත් වුවහොත් දෙපිළේම ප්‍රසාද ලකුණු සමාන වන බැවින් එහිදී ඉදිරියට යෑමේ අවස්ථාව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට උදාවනු ඇත.

තරගාවලියේ නීති රීතීන්ට අනුව ප්‍රසාද ලකුණු සමවීමකදී ඉදිරියට යනු ලබන්නේ මූලික වටයේදී ඔවුනොවුන් මුණ ගැසුණු අවස්ථාවේදී ජයග්‍රහණය කර ඇති කණ්ඩායම බැවින් එම වාසිය කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට හිමිවනු ඇත. මූලික වටය යටතේ මුවර්ස්ට එරෙහිව පැවැති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 74 කින් ජය ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත්ව තිබේ.

මේ අතර අප්‍රේල් 03 වැනිදා පැවැති තරගවලදී බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් මිලින්ද සිරිවර්ධනත්, බී. ආර්. සී. පිල වෙනුවෙන් දුෂාන් හේමන්තත් ශතක වාර්තා කිරීමට සමත්වද්දී මුවර්ස් ක්‍රීඩා සමාජයේ සචිත්‍ර සේරසිංහ  පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 24 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනිණ.

ඒස්.ඒස්.සී. – සැරසන්ස්

ඒස්.ඒස්.සී ට ලකුණු 49 ක ජයක්

ඒස්. ඒස්. සී. පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 232 යි – (ලක්ෂිත මුණසිංහ 53, ධනුෂ්ක ගුණතිලක 51, චරිත් අසලංක 17, ක්‍රිෂාන් සංජුල 24, සම්මු අශාන් 13, ජෙෆ්රි වැන්ඩර්සි 21, ප්‍රභාත් ජයසූරිය 23, උදිත් මදුශාන් 37/3, චමින්ද බණ්ඩාර 66/2, හෂේන් රාමනායක 42/3)

සැරසන්ස් පන්දුවාර 50 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 183 යි – (නවිඳු විතානගේ 50*, චරිත් කුමාරසිංහ 41, අයන සිරිවර්ධන 20, ප්‍රමෝද් මදුවන්ත 32, හෂේන් රාමනායක 16 ආකාෂ් සේනාරත්න 14*, ප්‍රභාත් ජයසූරිය 30/2, ලක්ෂිත මුණසිංහ 36/2)

සෙබස්තියනයිට්ස් – කුරුණෑගල

කුරුණෑගල කඩුලු 5 කින් ජය ගනියි

සෙබස්තියනයිට්ස් පන්දුවාර 49.5 කදී සියලු‌ දෙනා දැවී ලකුණු 221 යි – (සුචිර පරණාතල 51, මනෙල්කර් ද සිල්වා 54, සමීන් කඳනආරච්චි 26, සෂා ද අල්විස් 23, පැතුම් මදුශංක 15, විහාන් ගුණසේකර 26, රන්දීර රණසිංහ 47/3, නවීන් ගුණවර්ධන 38/3)

කුරුණෑගල පන්දුවාර 42.2 කදී කඩුලු 5 කට ලකුණු 222 යි – (කේෂාන් වන්නිආරච්චි 64*, දුලාජ් රණතුංග 39, රවීන්ද්‍ර කරුණාරත්න 27, ගයාන් මනීෂාන් 34, සමීර සඳමාල් 33, චමල් පෙරේරා 35/2)

මුවර්ස් – පොලිස්

මුවර්ස්ට දැවැන්ත ජයක්

මුවර්ස් පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 262 යි – (මහේල උඩවත්ත 89, රනිත ලියනාරච්චි 29, පබසර වඩුගේ 27, සචිත්‍ර සේරසිංහ 32, පසිඳු සූරියබණ්ඩාර 27, මොහොමඩ් ශමාස් 24, අදීෂ තිලංචන 18, සුජාන් මයුර 57/2, අසෙල් සිගේරා 44/2, මලිත් ද සිල්වා 41/2)

පොලිස් පන්දුවාර 28.1 කදී සියලු දෙනා දැවී ලකුණු 100 යි – (මලිත් ද සිල්වා 23, අසෙල් සිගේරා 31, දුලාෂ් උදයංග 10, සචිත්‍ර සේරසිංහ 24/5, ප්‍රවීන් ජයවික1ම 17/4)

බදුරලිය – කැන්ඩි කස්ටම්ස්

බදුරලියට ලකුණු 91 ක ජයක්

බදුරලිය පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු 258 යි – (මිලින්ද සිරිවර්ධන 112, නිමන්ද මදුශංක 80, දුනිත් ජයතුංග 24, සඳුන් වීරක්කොඩි 18, උමේග චතුරංග 54/4, සම්පත් පෙරේරා 47/2, සචිත්‍ර පෙරේරා 51/2)

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 167 යි – (හසිත නිර්මාල් 39, සෙහාන් වීරසිංහ 34, චානක විජේසිංහ 38, විශ්ව විජේරත්න 16, බුද්ධික සංජීව 22/2, තිලකරත්න සම්පත් 34/2, චාමිකර ඒදිරිසිංහ 15/2, රුචිර කෝෂිත 48/2, අලංකාර අසංක 25/2)

බී.ආර්.සී. – බ්ලූම්ෆීල්ඩ්

බී.ආර්.සී. 190 කින් ජය ගනියි

බී.ආර්.සී. න්දුවාර 50 කදී කඩුලු 5 ට ලකුණු 353 යි – (දුෂාන් හේමන්ත 100*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 82, නිසල් ෆ්‍රැන්සිස්කෝ 29, ශෂීන් ප්‍රනාන්දු 30, ළහිරු සමරකෝන් 36, අනුක් ප්‍රනාන්දු 64*, දිලුම් ප්‍රනාන්නදු 76/2)

යුද හමුදාව – ගුවන් හමුදාව

යුද හමුදාවට කඩුලු 8 ක ජයක්

ගුවන් හමුදාව පන්දුවාර 32 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – (අශින්ත මල්ෂාන් 26*, මොවින් සුබසිංහ 18, චාමර ප්‍රනාන්දු 15, සමීර ද සොයිසා 10, මහීෂ තීක්ෂණ 40/4, දුෂාන් විමුක්ති 19/3, සික්කුගේ ප්‍රසන්න 11/3)

යුද හමුදාව පන්දුවාර 13.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 114 යි – (අශාන් රන්දික 54*, හිමේෂ ලියනගේ 25*, සමිත් ඩිල්ෂාන් 16, ප්‍රියන්ත රත්නායක 12)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee