slc
logo
Home   |    News
අප්‍රේල් 10, 2021
පුහුණු දැනුම ඉහළ නංවන්න අධ්‍යාපන අංශයෙන් පුහුණුකරණ පාඨමාලාවක්

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය විසින් හඳුන්වාදී තිබෙන ‘පුහුණුකරණ අධ්‍යාපන යෙදුම’ හෙවත් ‘Digital App’ හරහා පුහුණුකරුවන්ගේ දැනුම වැඩි කර ගැනීම වෙනුවෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු පුහුණුකරන පාඨමාලාවක් එළිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන ඒකකය පියවර ගෙන තිබේ.

පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය යටතේ සිටින පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට සහාය වීම සදහා භාවිතා කරනු ලබන ඩිජිටල් උපායමාර්ගයන්හි ප්‍රධාන අංගයක් ලෙස මෙම ඉහළ ප්‍රමිතියෙන් යුතු පුහුණුකරණ පාඨමාලාව  හැඳින්විය හැක.’පුහුණුකරණ අධ්‍යාපන යෙදුම’ට (Digital App) ප්‍රවිශ්ඨ වීම හරහා එහි අන්තර්ගත කොට ඇති පුහුණු කිරීම් සම්බන්ධ තොරතුරු සහ උසස් තත්ත්වයෙන් යුතු වීඩියෝ පට භාවිතා කොට පුහුණුකරණය පිළිබඳ වැඩිදුරට දැනුමක් ලබා ගැනීමේ අවස්ථාව පුහුණුකරුවන්ට හිමිවනු ඇත.

ඉහළ දක්ෂතා කේන්ද්‍රයේ පුහුණුකරුවන් විසින් ඉදිරිපත් කොට තිබෙන වීඩියෝ පට වලට අමතරව මානසික කුසලතා වැඩි දියුණු කිරීම, ක්‍රීඩාව පිළිබඳ හැඟීම පුබුදු කිරීම, ක්‍රීඩක කේන්ද්‍රීය පුහුණුව සහ නිපුණතා සංවර්ධනය සම්බන්ධ වූ වීඩියෝ වීඩියෝ පුස්තකාලයෙහි අන්තර්ගත කොට තිබේ. එම තොරතුරුවලට අමතරව අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන අධ්‍යාපන වැඩසටහන් සියල්ලද  උසස් තත්ත්වයෙන් යුතුව නැවත ප්‍රතිසංස්කරණය කොට අන්තර්ගත කිරීමටද පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය දැනුම් දී සිටියි.

පුහුණුකරුවන් බොහෝ විට සිය නිවසින් බැහැරව සිටින අය බැවින්, ඔවුනට මෙම අධ්‍යාපන යෙදුම තම ඩේස්ක්ටොප්, ටැබ් සහ ජංගම උපාංග හරහාද භාවිත කළ හැකි අයුරින් සකස් කර තිබේ. නිපුණතා සම්බන්ධ වීඩියෝ පට සහ පුහුණු සම්පත් ඇතුළත් පුහුණුකරණය සඳහා අවශ්‍ය දැනුම වැඩි කර ගැනීම වෙනුවෙන් වූ නව අන්තර්ගතයන් සෑම මාසයක් පාසාම මුදා හැරීමට පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය කටයුතු යොදා තිබේ. 

මේ පිළිබඳව කරුණු පැහැදිළි කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා, “ක්‍රිකට් ආයතනය යටතේ සේවය කරන පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට සහාය වීම සඳහා ක්‍රමෝපායන් සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙම අධ්‍යාපන යෙදුම දියත් කිරීමට ලැබීම සතුටට කරුණක්. මෙම නව මෙවලමට පහසුවෙන් ප්‍රවේශවීමේ අවස්ථාව පවතින අතර පුහුණුකරුවන්ට ඔවුන්ට අවශ්‍ය තොරතුර හෝ වීඩියෝ පටය ඕනෑම ස්ථානයක සිට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවෙනවා. ඉදිරි මාස කීපය තුළ අපි මෙම අන්තර්ජාල පුහුණු පුස්තකාලය පූර්ණ පරාසයක වූ පුහුණුකරණය සම්බන්ධ වූ තොරතුරු ආවරණය වන පරිදි මෘදුකාංගයක් ලබාදීමට හැකිවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශය හැටියට සතුටට පත් වෙනවා”යි යනුවෙනි. 

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee