slc
Home   |    News
අප්‍රේල් 5, 2021
බදුරලිය, යුද හමුදාව, රාගම සහ එන්.සී.සී. අපරාජිතව අවසන් කණ්ඩායම් 8 සටනට

sinhala editor

අවසන් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට ජයග්‍රහණය තීරණාත්මක වුණු තරගවලදී  ජය වාර්තා කළ යුද හමුදා සහ මුවර්ස් ක්‍රීඩා සමාජ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වරම දිනා ගැනීමට අද (05 දා)  පස්වරුවේ සමත්වූහ.

සී. සී. සී. පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් යුද හමුදා කණ්ඩායමද සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව ලකුණු 27 ක ජයක් වාර්තා කළ මුවර්ස් ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 8 අතරට තේරී පත්වූහ.

ඒ අනුව අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ අර්ධ අවසන් පූර්ව තරග වටයේදී බදුරලිය සහ මුවර්ස්, රාගම සහ ටැමිල් යුනියන්, එන්.සී.සී. සහ නාවික හමුදා සහ එස්.එස්.සී. සහ යුද හමුදාව යන ක්‍රීඩා සමාජ තරග වදිනු ලබති.

යුද හමුදා කණ්ඩායමට අමතරව අද පැවැති තරගවලදී බී.ආර්.සී.පිලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කළ බදුරලිය ක්‍රීඩා සමාජය ‘ඒ කාණ්ඩය යටතේ අවසන් කණ්ඩායම් 8 අතරට අපරාජිතව තේරී පත්වීම කැපී පෙනුණි. ඔවුන්ට අමතරව එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන යුද හමුදා කණ්ඩායම, එන්. සී. සී. සහ රාගම ක්‍රීඩා සමාජ අර්ධ අවසන් පූර්ව තරග වටයට අපරාජිතව තේරී පත් වුණු සෙසු කණ්ඩායම් බවට පත්වූහ.

බී.ආර්.සී. – බදුරලිය

බදුරලියට කඩුලු 9 ක ජයක්

බී.ආර්.සී. පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 169 යි – (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 50, නිසල් ෆ්‍රැන්සිස්කෝ 21, ශහීන් ප්‍රනාන්දු 32, දුෂාන් හේමන්ත 13, සවින් ගුණසේකර 26, අනුක් ප්‍රනාන්දු 14, අලංකාර අසංක 43/2, චාමිකර එදිරිසිංහ 22/2, ගමිඳු කනිෂ්ක 36/2, බුද්ධික සංජීව 13/2)

බදුරලිය පන්දුවාර 24.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 172 යි – (සඳුන් වීරක්කොඩි 96, තිලකරත්න සම්පත් 63*)

සී.සී.සී. – යුද හමුදාව

යුද හමුදාව ලකුණු 108 කින් ජය ගනියි

යුද හමුදාව පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 286 යි – (තිසර පෙරේරා 67, හිමාෂ ලියනගේ 92, සමිත ඩිල්ෂාන් 21, ප්‍රියන්ත රත්නායක 20, අසේල ගුණරත්න 32, සික්කුගේ ප්‍රසන්න 10, දුෂාන් විමු්ති 21, ළහිරු ගමගේ 35/2)

සී.සී.සී. පන්දුවාර 39.5 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (අශාන් ප්‍රියන්ජන් 57, කුසල් මෙන්ඩිස් 43, ලසිත් අබේරත්න 18, මිනෝද් භානුක 13, සොනාල් දිනූෂ 10, ළහිරු මදුශංක 14, මාලින්ද පුෂ්පකුමාර 13, සුමින්ද ලක්ෂාන් 50/3,සික්කුගේ ප්‍රසන්න 33/3, දුෂාන් විමුක්ති 40/2, මහීෂ් තීක්ෂණ 37/2)

බ්ලූම්ෆීල්ඩ් – කැන්ඩි කස්ටම්ස්

බ්ලූම්ෆීල්ඩ් ලකුණු 160 කින් ජය ගනියි

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 331 යි – (නිපුන් හග්ගල්ල 81, කසුන් ඒකනායක 59, සචින් ජයවර්ධන 57, හර්ෂ විතාණ 62*, මිෂේන් සිල්වා 48*, චිලාන් කළිඳු 12, ඉමේෂ් මදුශංක 42/2, මෙතුශාන් තිලින 49/2)

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 34.3 කදී සියලු දෙනා දැවී ලකුණු 171 යි – (සම්පත් පෙරේරා 66, සෙහාන් වීරසිංහ 28, හසිත නිර්මාල් 21, මෙතුෂාන් තිළිණ 19, දිලීප ජයලත් 05/3, ගයාන් සිරිසෝම 40/3)

සැරසන්ස් – කෝල්ට්ස්

සැරසන්ස් ලකුණු 17 ක ජයක්

සැරසන්ස් පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 205 යි – (ප්‍රමෝද් මදුවන්ත 82*, හෂේන් දුමිඳු 44, චරිත කුමාරසිංහ 29, අකාෂ් සේනාරත්න 22, හර්ෂ රාජපක්ෂ 33/2, කවිෂ්ක අංජුල 39/2)

කෝල්ට්ස් පන්දුවාර 45.3 කදී සියලු දෙනා දැවී ලකුණු 188 යි – (ජෙහාන් ඩැනියෙල් 59, හර්ෂ රාජපක්ෂ 27, කවිෂ්ක අංජුල 15, කුසල් පෙරේරා 32, උදිත් මදුශාන් 30/2, චමින්ද බණ්ඩාර 36/2)

කුරුණෑගල – පොලිස්

කුරුණෑගලට ලකුණු 101 ක ජයක්

කුරුණෑගල පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 327 යි – (කේෂාන් වන්නිආරච්චි 80, ධනුෂ්ක ධර්මසිරි 45, ගයාන් මනීෂාන් 29, දුලාජ් රණතුරංග 34, රවින්ද්‍ර කරුණාරත්න 12, ළහිරු ජයරත්න 32*, සංජුල මයුර 55/2)

පොලිස් න්දුවාර 43.2 කදී සියලු දෙනා දැවී ලකුණු 226 යි – (මදුරංග සොයිසා 46, ලක්ෂාන් රොද්‍රගෝ 26, සුපුල් මදුශංක 40, සුජාන් මයුර 34, පූර්ණ සිල්වා 20, බුද්ධිකචතුරංග 12, මංජුල ජයවර්ධන 11, මලිත් ද සිල්වා 11, ගිහාන් අන්ජන 40/3, රන්දීර රණසිංහ 22/2, සමීර සඳමාල් 60/2, නිම්සර අත්‍රගල්ල 41/2)

මුවර්ස් – සෙබස්තියනයිට්ස්

මුවර්ස් ලකුණු 27 කින් ජය ගනියි

මුවර්ස් පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 236 යි – (කවිඳු කුලසේකර 75, සචිත්‍ර සේරසිංහ 36, මොහොමඩ් ශමාස් 44, අදීෂ තිලංචන 18, පබසර වඩුගේ 31, මතීෂ පෙරේරා 41/3, රවීන් සේයර් 44/2, හසන්ත ප්‍රනාන්දු 31/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (සමීන් කඳනආරච්චි 59, චමල් පෙරේරා 48, මනෙල්කර් ද සිල්වා 18, විහානු ගුණසේකර 28, දිලේෂ් ගුණරත්න 16/3, ජීවන් මෙන්ඩිස් 32/2, ධනුෂ්ක මධුශංක 38/2, ප්‍රවීන් ජයවික්‍රම 49/2)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest