slc
Home   |    News
අප්‍රේල් 1, 2021
වෙළෙඳ සේවා තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කණ්ඩායමක්

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනයයි

මෙම වසරේ සිට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායමක් ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

2021 වසරේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරන ලෙස වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන හා නැගී එන කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විතව මේ සඳහා වන කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනෙන අතර ඒ හරහා තරගකාරීත්වයෙන් යුතු තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින්ට උදාවනු ඇත.

2021 වසරේ අප්‍රේල් මස 18 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙරට පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම ආයතනය 6 ක් තරග වදිනු ඇත.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest