slc
Home   |    News
අප්‍රේල් 29, 2021
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි – ප්‍රවීන් ජයවික්‍රමට ටෙස්ට් වරම්

sinhala editor

Chamila Karawita reporting from Pallakele

සංචාරක බංග්ලාදේශ පිලට ඒරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

වමත් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම අද දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලද 156 වැනි ක්‍රීඩකයා බවට  පත්වෙමින් ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නගේ සුරතින් සංඛේතාත්මක ටෙස්ට් තොප්පිය ලබා ගත්තේය. ඊට අමතරව වනිඳු හසරංගට අමතරව පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස්ව කැඳවමින් ශ්‍රී ලංකාව අවතීර්ණ වද්දී බංග්ලාදේශ කඳවුරෙන්ද ශොරිෆුල් ඉස්ලාම් ටෙස්ට් වරම් දිනා ගත්තේය. වේග පන්දු යවන ශොරි‍ෆුල් ඉස්ලාම් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන එබදත් හොසේන් වෙනුවට කණ්ඩායමට කැඳවුම් ලැබ සිටියි.

ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ළහිරු තිරිමාන්න, 3. ඕෂද ප්‍රනාන්දු, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. ධනංජය ද සිල්වා, 6. පැතුම් නිස්සංක, 7. නිරෝෂන් දික්වැල්ල, 8. රමේෂ් මෙන්ඩිස්, 9. සුරංග ලක්මාල්, 10. විශ්ව ප්‍රනාන්දු, 11. ප්‍රවීන් ජයවික්‍රම.

බංග්ලාදේශය – 1. ටමීම් ඉක්බාල්, 2. සයිෆ් හසන්, 3. නජ්මුල් හොසේන් ෂැන්ටෝ, 4. මොමිනුල් හක්, 5. මුෂ්ෆිකර් රහීම්, 6. ලිටන් දාස්, 7. මෙහෙදි හසන්, 8. තයිජුල් ඉස්ලාම්, 9. ටස්කින් අහමඩ්, 10. ෂොරිෆුල් ඉස්ලාම්, 11. අබූ ජායෙඩ්.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest