slc
logo
Home   |    News
අප්‍රේල් 1, 2021
නාවික හමුදා ක්‍රීඩිකාවෝ අපරාජිතව 6 වැනි ජයත් ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ අතර සිටින නාවික හමුදා කා‍න්තා කණ්ඩායම බදාදා (31) යුද හමුදා ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් සිය අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. නාවික හමුදා ක්‍රීඩිකාවෝ මෙම ජයත් සමඟ මෙතෙක් තරගවාරයේ සහභාගි වුණු තරග 6 ම ජය ගැනීම කැපී පෙනෙයි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිල වෙනුවෙන් ලකුණු 53 ක් රැස් කළ ශිඛාරි ද සිල්වා

නාවික හමුදා පිල වෙනුවෙන් ශෂිකලා සිරිවර්ධන ලකුණු 11කට කඩුලු 4ක් දවාලු අතර එම කණ්ඩායමේ නායිකාව වන හෂිනි පෙරේරා (25) සහ සත්‍යා සංදීපනී (නොදැවී 27) සහ පළමු කඩුල්ලට පන්දු වාර 12.5කදී ලකුණු 47ක් රැස්කරමින් පහසු ජයග්‍රහණයකට මඟ පෑදූහ.

ගුවන් හමුදා “ඒ” සහ යුද හමුදා “ඒ” අතර තරගය තියුණු මුහුණුවරක් ඉසිලු අතර අවසානයේ ගුවන් හමුදාව ජය ගත්තේ ලකුණු පහකිනි. යුද හමුදා “ඒ” නායිකාව නිලක්ෂි ද සිල්වා ලකුණු 57ක් රැස්කර ජයග්‍රහණය සඳහා සටන්කාමී ඉනිමක නිරත වූවත් ඵලක් නොවීය.

හලාවත මේරියන්ස් කණ්ඩායමේ ශිකාරි ද සිල්වා ලකුණු 53ක් රැස්කර තම කණ්ඩායමට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට දායකවූවාය.

නාවික හමුදාවට කඩුලු 9ක ජයක්

නාවික හමුදාව මේ තරගයෙන් කඩුලු නවයක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ පන්දු වාර 31.1ක් ඉතිරිව තිබියදීය. නාවික හමුදාවේ ශෂිකලා සිරිවර්ධනට අමතරව මධුරි සමුදිකාගේ ලකුණු 12 කට කඩුලු 3 ක දක්ෂ පන්දු යැවීම හමුවේ යුද හමුදා “බී” කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 71ක් පමණි. යුද හමුදාවේ දිලූෂා හිදගොඩ සහ ඉරේෂා දමයන්ති පමණක් ලකුණු අතරට පිවිසියහ.

යුද හමුදා “බී” පන්දු වාර 38.5 කදී සියල්ල දැවී 71යි – (දිලුෂා හිඳගොඩ 20, ඉරේෂා දමයන්ති 15, සිතුමිණි පීරිස් 10, ශෂිකලා සිරිවර්ධන 11/4, මදුරි සමුදිකා 12/3, ඉනෝකා රණවීර 16/2)

නාවික හමුදාව පන්දු වාර 18.5කදී කඩුලු 1ට 74යි – (සත්‍යා සංදීපනී නොදැවී 27, හෂිනි පෙරේරා 25, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 16, හර්ෂා ගුණසේන 25/1)

සීනිගමට ලකුණු 79ක ජයක්

සීනිගම කණ්ඩායම් නායිකාව කවීෂා දිල්හාරි පන්දු 96කදී හතරේ 4ක් සමග ලකුණු 65ක්ද ඉමේෂා දුලානි පන්දු  68කදී හතරේ 6ක් සමග ලකුණු 39ක්ද ලබා ලකුණු රැස්කිරීමේදි දක්ෂතා පෙන්වූහ. පන්දු යැවීමේදී කාව්‍යා කවින්දි ලකුණු 18කට කඩුලු හතරක් දවාලූවාය.

සීනිගම පන්දු වාර 50දී කඩුලු 7ට 177යි – (කවීෂා දිල්හාරි 65, ඉමේෂා දුලානි 39, පියුමි වත්සලා නොදැවී 30, රුචී සමරසිංහ 25/2)

ගුවන් හමුදාව “බීපන්දු වාර 39.4කදී සියල්ල දැවී 98යි – (ශිරන්ති කංකානමගේ 17, රශ්මි සිල්වා 14, කාව්‍යා කවින්දි 18/4)

හලාවත මේරියන්ස්ට ලකුණු 24 ක ජයක්

හලාවත මේරියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 61 ක් වාර්තා කළ අමාධි වික්‍රමසිංහ අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසු

හලාවත මේරියන්ස් පිලේ ශිකාරි ද සිල්වා පන්දු 139 කදී හතරේ පහර හතරක් සමඟ ලකුණු 53ක් ලබා තණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වද්දී චමරි අතපත්ති පන්දු 41කදී හතරේ අටක් සමග ලකුණු 43ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කෝල්ට්ස් කණ්ඩායමේ අමාදි විජේසිංහ දිගු ඉනිමක් ක්‍රීඩා කරමින් (පන්දු 113) හතරේ හයක් සමග ලකුණු 62ක් ලබා ජයග්‍රහණය උදෙසා වෙහෙස වුවත් ඊට ළගාවිය හැකි නොවීය.

හලාවත මේරියන්ස් පන්දු වාර 50කදී කඩුලු 9ට 157යි – (ශිකාරි ද සිල්වා 53, චමරි අතපත්තු 43, දෙව්මිණි විහංගා 10යි, සදලි වීරසිංහ 23/2යි, ශිරෝමා අතුකෝරල 24/2)

කෝල්ට්ස් පන්දුවාර 49.2කදී සියල්ල දැවී 133යි – (අමාදි විජේසිංහ 62, ඒ.ඩී.ජනකාන්ති මාලා 15, සදලි වීරසිංහ 13,දෙව්මිණි විහංගා 25/4, චමරි අතපත්තු 20/2)

ගුවන් හමුදා “ඒ” පිලට තියුණු ජයක්

යුද හමුදා “ඒ” කණ්ඩායම ලකුණු 128 ක ඉලක්කයක් කරා යද්දී ගුවන් හමුදාවේ ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 18කට කඩුලු 4ක්ම දවාලීමෙන් යුද හමුදා ඉනිම ලකුණු 122කට සීමාවිණි. යුද හමුදා නායිකාව නිලක්ෂි ද සිල්වා. පන්දු 110කට මුහුණදී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 57ක් ලබා ඉනිම අවසානය තෙක්ම රැදී සිටියත් යුද හමුදාවට තරගය ජයගත හැකි නොවීය.

ගුවන් හමුදවේ කඩුලු රකින්නිය දිලිණි මනෝදරා පන්දු 84කදී හතරේ තුනක් සමග ලකුණු 40ක් ලබා තම කණ්ඩායමේ වැඩිම ලකුණු රැස්කළාය.

ගුවන් හමුදා “ඒ” පන්දු වාර 47.1කදී සියල්ල දැවී 127 යි – (දිලානි මනෝදරා 40, ඉනෝෂි ප්‍රනාන්දු 16, ළිහිණි අප්සරා 13, මල්ෂා ෂෙහානි 11, ගනේෂා චමරි 23/3, අචිනි කුලසූරිය 19/2, සුගන්ධිකා කුමාරි 28/2)

යුද හමුදා “ඒ” පන්දු වාර 48.1කදී 122 යි – (නිලක්ෂි සිල්වා 57, මධුෂිකා මෙත්තානන්ද 18, අනුෂ්කා සංජීවනි 17, සඳනි ද සිල්වා 08, ඉනෝෂි ප්‍රනාන්දු 18/4, ඔෂානි රණසිංහ 20/2, තාරුකා ෂෙහානි 22/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee