slc
Home   |    News
ජූනි 3, 2021
ආසියානු ක්‍රිකට් කවුන්සිල මූල්‍ය අළෙවිකරණ කමිටු සභාපති ධුරය ශම්මි සිල්වාට මහතාට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තේරී පත්කරගෙන තිබේ.

අදාළ පත්වීම පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ජේ ෂා මහතා ලිපියකින් දැනුම් දී සිටින අතර ඒ අනුව ශම්මි සිල්වා මහතා, සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කමිටුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ඇත.  ඒ අනුව මූල්‍ය හා අලෙවිකරණයට අදාළ සියලු කරුණු ශම්මි සිල්වා මහතාගේ කමිටුවේ විෂය පථය යටතට අයත් වනු ඇත.

ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා, බංග්ලාදේශ ක්‍රිකට් ආයතන සභාපති නස්මුල් හසන්, ඕමාන ක්‍රිකට් ආයතනයේ පන්කජ් කිමිජි, ඇෆ්ගනිස්තාණ ක්‍රිකට් අයතනයේ හමීඩ් ශින්වාරි, හොංකොක් ක්‍රිකට් ආයතනයේ රාහුල් ශර්මා සහ සෞදි අරාබියාවේ නදීම් නද්වි සෙසු සාමාජිකයෝ වෙති.  මෙම තනතුරට අමතරව ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිල සංවර්ධන කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කරනු ලබයි.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest