slc
Home   |    News
ජූනි 9, 2021
එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා පිලත් සමඟ IFS හවුල් වෙයි

Sri Lanka Cricket

2021 ජුනි 09 වැනිදා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ‘බැක් ඔෆ් ජර්සි බ්‍රැන්ඩිං’ සහකරු (ටීෂර්ටයේ පිටුපස කොටසේ සන්නාම සහකරු) ලෙස ගෝලීය ව්‍යාවසාය මෘදුකාංග සමාගමක් වන IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සිටියි.

භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම, වත්කම් ගොඩ නැගීම සහ නඩත්තු කිරීම මෙන්ම සේවා කේන්ද්‍රීය මෙහෙයුම් කලමනාකරණය කරන ලොව පුරා නම් දැරූ සමාගම් සඳහා අවශ්‍ය වන ව්‍යාවසාය මෘදුකාංග IFS සමාගම විසින් සංවර්ධනය කොට ලබා දෙනු ලබයි.

IFS සමාගම යනු මෙරට ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සංවර්ධන සමාගමක් වන අතර IFS ගෝලීය මෙහෙයුම් වලදී ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් දරයි. ව්‍යවසාය සම්පත් සැලසුම් මෘදුකාංග විසඳුම්’ සපයන්නෙකු ලෙසින් කටයුතු කරනු ලබන IFS සමාගම, පර්යේෂණ කොට සංවර්ධනය කිරීම, විකුණුම්, ක්‍රියාත්මක කිරීම, උපදේශන සේවා සහ නිෂ්පාදන සහාය ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ 1500 කට අධික කාර්යය මණ්ඩලයක් සේවය කරනු ලබති.

දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම යටතේ 2021 වසරේ ජුනි 08 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරනු ලබන විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හවුල්කරුවකු ලෙස කටයුතු කරනු ඇත. එම විස්සයි-20 තරග ජුනි 23 සහ 24 යන දෙදින කාඩිෆ්හිදී ද 26 වැනි දින පැවැත්වෙන තරගය සදම්ටන්හිදීද පැවැත්වෙනු ඇත.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග 3, එම තරග සංචාරයේ එක් කොටසක් වන අතර ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව තවත් එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

අ.පි.බ.

මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “IFS වැනි තාක්ෂණයෙන් මුසු සේවාවන් ලබා දෙන ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ අත්වැල් බැඳ ගැනීම ගැන සතුටට පත් වන අතර වේගය මත ජයග්‍රාහකයා තීරණය වන විස්සයි-20 වැනි තරගාවලියකදී අප සමඟ අත්වැල් බැඳ ගැනීමේදී එම ආයතනයට ඔවුන්ගේ ඉලක්ක ගත  පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට හැකිවනු ඇති බව මම විශ්වාස කරනවා”යි පැවැසීය.

IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනු ලබන්නේ විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රාහකයින් වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අගදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තරග වැදීමට සූදානම්ව සිටින අවස්ථාවකය.

ශ්‍රී ලාංකේය කාර්යය මණ්ඩලය, හවුල්කරුවන් සහ IFS සමාගමෙහි ප්‍රධාන ගණුදෙනුකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස ආදරයකින් සහ ළැදිකමකින් කටයුතු කරනු ඇති බව සඳහන් කර සිටින IFS සමාගම ශ්‍රී ලංකා මෙහෙයුම් විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් රාජපක්ෂ මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පාර්ශ්වකරුවකු ලෙසින් අත්වැල් බැඳ ගැනීමට හැකියාව ලැබීම ගැන අප ආයතනය සතුටු වනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකයකු බවට පත්වීමට ලැබීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. තරග සංචාරය ඉතාමත් සාර්ථක තරගාවලියක් වේවා කියලා අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ ප්‍රාර්ථනා කරනවා” යැයි වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest