එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව භෞත චිකිත්සකවරයා ලෙස ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් හැරප්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. හැරප්ගේ සේවා කාලය 2021 වසරේ මැයි මස සිට ඉදිරි වසර 2 ක කාලයක් දක්වා බල පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙස සම්බන්ධවීමට ප්‍රථම බ්‍රෙට් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ. ඊට අමතරව ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යය සාධන පුනරුත්ථාපන කළමනාකරු ලෙසද කටයුතු කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කර ඇති බ්‍රෙට්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ සහ පාකිස්තානු සුපර් ලීගය නියෝජනය කරනු ලබන ලාහෝර් කලැන්ඩර්ස් යන කණ්ඩායම් වල ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ එඩිත් කෝවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යායාම විද්‍යාව පිළීබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරා ඇති බ්‍රෙට්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා භෞත චිකිත්සාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරා තිබේ.
ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර නීරෝධායන කාල පරිඡේදය ගෙවමින් සිටියි. එම කාල සීමාව අවසන් වුණු වහාම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ඔහුගේ පළමු පැවැරුම බවට පත්වනු ඇත.