slc
logo
Home   |    News
ජූනි 4, 2021
ජාතික කණ්ඩායමට නව භෞත චිකිත්සකවරයක්

sinhala editor

එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව භෞත චිකිත්සකවරයා ලෙස ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් හැරප්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. හැරප්ගේ සේවා කාලය 2021 වසරේ මැයි මස සිට ඉදිරි වසර 2 ක කාලයක් දක්වා බල පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙස සම්බන්ධවීමට ප්‍රථම බ්‍රෙට් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ. ඊට අමතරව ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යය සාධන පුනරුත්ථාපන කළමනාකරු ලෙසද කටයුතු කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කර ඇති බ්‍රෙට්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ සහ පාකිස්තානු සුපර් ලීගය නියෝජනය කරනු ලබන ලාහෝර් කලැන්ඩර්ස් යන කණ්ඩායම් වල ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ එඩිත් කෝවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යායාම විද්‍යාව පිළීබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරා ඇති බ්‍රෙට්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා භෞත චිකිත්සාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරා තිබේ.

ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර නීරෝධායන කාල පරිඡේදය ගෙවමින් සිටියි. එම කාල සීමාව අවසන් වුණු වහාම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ඔහුගේ පළමු පැවැරුම බවට පත්වනු ඇත.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee