slc
logo
Home   |    News
ජූනි 28, 2021
කුසල් මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලකට තහනමක්

sinhala editor

උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

ඩර්හැම් ප්‍රාන්තයේ වීදියක සැරිසරන අයුරුවන වීඩියෝවක් සමාජ ජාලා තුළ සැරිසැරීම සම්බන්ධව කණ්ඩායම් කළමනාකරු මනුජ කාරියප්පෙරුම විසින් එවන ලද වාර්තාව මත පදනම්ව ක්‍රිකට් විධායක සභාව උක්ත තීරණය ගත් බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස අන්ත පරාජයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට (29 දා) තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට සහභාගිවනු ඇත.

ඒ අනුව මොවුන් තිදෙනාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තෙක් සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රියාකාරකම්වල නියැළීමද අත්හිටුවීමටද තීරණය කළ ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee