slc
Home   |    News
ජූනි 17, 2021
20-20 සහ එක්දින පිටියේ කැපී පෙනෙන ඉෂාන් ජයරත්න

Sri Lanka Cricket

බන්දුල මොල්ලිගොඩ

එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන ඉෂාන් ජයරත්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ක්‍රීඩකයෙකු බවට තවම පත්නොවූවත් ඔහු දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින දක්ෂතම ක්‍රීඩකයෙකි.

ප්‍රිමියර් ලීග්, මේජර් ක්‍රිකට් සූරතාව වැනි මෙරට පළමු ශ්‍රේණියේ තරගාවලියන්හි ප්‍රබල රාගම ක්‍රිකට් සමාජයට නායකත්වයන් දෙමින් තම කණ්ඩායම අවසාන වටයට ගෙන ඒමට තරම් නායකත්ව කුසලතා පෙන්වා ඇති ඉෂාන් ජයරත්න ශ්‍රී ලංකා අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ කුසලතාවයන්ගෙන් පිරිපුන් නායකයෙකි.

කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙස ඉනිම ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාලීමට වගබලා ගන්නා ඉෂාන් ජයරත්න මැදපෙළ පිතිකරුවෙකු ලෙසින් වේගයෙන් ලකුණු රැස් කිරීමටද සමතෙකි. පන්දුවට පහරදීමේදී කඩුල්ලේ දිගු වේලාවක් රැදී සිටිනවාට වඩා ඔහු උත්සාහ ගන්නේ ඉක්මණින් ලකුණු රැස් කිරීමටය. මේ අනුව ඔහු වඩාත් කැපී පෙනෙනුයේ එක්දින හා 20-20 තරගාවලියන්හිදීය.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ, 23න් පහළ, එමර්ජින් කණ්ඩායම, සංවර්ධන කණ්ඩායම, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, සදර්න් එක්ස්ප්‍රස්, කැන්ඩි ටස්කර්ස්, කෝල්ට්ස් සහ රාගම කණ්ඩායම් නියෝජන කර සිටින ඉෂාන් ජයරත්න දකුණතින් වේග පන්දු යවන දකුණතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකි. 2021 මෙරට අන්තර් සමාජ මේජර් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට රාගම කණ්ඩායම ගෙන ඒමට විශාල ලෙස දායකවූ ඉෂාන් ජයරත්න එහිදී සෑම තරගයකිදීම බිනුර ප්‍රනාන්දු සමග වේග පන්දු යැවීම අරඹමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගැනීමට ක්‍රියා කිරීම නිතර කැපී පෙනුණි.

පළමු ශ්‍රේණියේ අන්තර් සමාජ තරගාවලියන්හි දී ඔහුගේ දක්ෂතාවන් වූයේ තරග 85කදී කඩුලු 194ක් දවාලීමත් ලකුණු රැස් කිරීමේදී තරග 85කදී ලකුණු 2213ක් (සාමාන්‍ය 22.19) රැස් කිරීමත්ය. ඔහු 20-20 කඩුලු 68ක් ලබා ඇත. ලකුණු රැස්කිරීමේදී ශතකයක් සහ අර්ධ ශතක නවයක් රැස්කර සිටී.

1989 ජුනි 26 උපත ලද ඉෂාන් ජයරත්න කොළඹ වෙස්ලි විදුහලේ ආදි සිසුවෙකි. පාසල් වියේදීත් ඔහු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දිවයින පුරා නමක් දිනා සිටියේය.

අනාගතයේදී වඩාත් හොදින් දක්ෂතා පෙන්වා මව්බිමට කීර්තියක් අත්කර දීම තම අපේක්ෂාව බව ඉෂාන් ජයරත්න ප්‍රකාශ කරයි.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest