slc
logo
Home   |    News
ජූනි 17, 2021
පුහුණු තරගයෙන් කුසල්ලා සම වෙයි

sinhala editor

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් පෙරේරා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායම් අතර පැවැති පළමු පුහුණු එක්දින තරගය ලකුණු සම වෙමින් අද (16 දා) නිමාවට පත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලබා දුන් ලකුණු 251 ක ඉලක්කය හඹා යෑමේදී නියමිත පන්දුවාර 50 අවසනදී කුසල් පෙරේරාගේ කණ්ඩායමටද කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 250 ක් පමණක් වීම කැපී පෙනෙයි.

පන්දුවාර 50 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී දෙපිළෙන්ම අර්ධ ශතක 2 ක් වාර්තා වුණු අතර එහිදී මෙන්ඩිස්ගේ පිල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 71 ක් ද පෙරේරාගේ පිල වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 64 ක්ද ලබා ගත්හ.

ඊට අමතරව ඉසුරු උදාන මෙන්ඩිස්ගේ පිල වෙනුවෙන් ලකුණු 44 ක් රැස් කර ගනිද්දී පෙරේරාගේ පිල වෙනුවෙන් දසුන් ශානක ලකුණු 44 ක් රැස් කර ගනිමින් සටන්කාරී අවසානයක් කරා තරගෙය රැගෙන ගියේය. මොවුන් දෙදෙනාම දෙවැනියට වැඩිම ලකුණු ලද පිතිකරුවන් බවට පත්වීමද කැපී පෙනෙයි.

පන්දු යැවීමේදී කුසල් පෙරේරාගේ කණ්ඩායමේ අකිල ධනංජය සහ චාමික කරුණාරත්න ද මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළූහ. ඊට අමතරව පෙරේරාගේ පිල වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු ද මෙන්ඩිස්ගේ පිල වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

මෙන්ඩිස් පිල පන්දුවාර 50 කදී කඩුලු 9 කට ලකුණු 250 යි – (රමේෂ් මෙන්ඩිස් 71, ඉසුරු උදාන 44, ඕෂද ප්‍රනාන්දු 39, අකිල ධනංජය 28/3, චාමික කරුණාරත්න 38/3, බිනුර ප්‍රනාන්දු 38/2, නුවන් ප්‍රදීප් 20/1)

පෙරේරා පිල පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 250 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 64, දසුන් ශානක 44, ධනුෂ්ක ගුණතිලක 30, කුසල් පෙරේරා 28, අසිත ප්‍රනාන්දු 43/3, දුෂ්මන්ත චමීර 26/2, ප්‍රවීන් ජයවික්‍රම 44/2, වනිඳු හසරංග 37/1, රමේෂ් මෙන්ඩිස් 39/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee