slc
Home   |    News
ජූලි 1, 2021
කොන්ත්‍රාත් අත්සන් කළ 39 ක් පුහුණුවීම් අරඹති

sinhala editor

ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතෙරදී මෙන්ම මව්බිමේදී සහභාගිවීමට නියමිත ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් වීමේ කොටසක් ලෙසින් ක්‍රීඩකයින් 39 දෙනෙකු ජෛව ආරක්ෂිත පරිසර 2 ක රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම ජෛව බුබුලුවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 39 දෙනොම 2021/22 වසර සඳහා වූ නව වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රීඩකයින් වීම කැපී පෙනෙයි.

අදාළ ස්ථානගත කිරීමේදී ක්‍රීඩකයින් 13 දෙනෙකු කොළඹද, ඉතිරි ක්‍රීඩකයින් 26 දෙනා දඹුල්ලේද ස්ථානගත කර තිබේ. කොළඹ ජෛව බුබුලට ඇතුළත් කර සිටින ක්‍රීඩකයින් ‘ජ්‍යෙෂ්ඨ’ කාණ්ඩය යටතේ ඇතුළත් කර තිබෙන අතර ඔවුන් සියල්ලෝම ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති.

සෙසු ක්‍රීඩකයින් 26 දෙනා ඉකුත් ජුනි මස 26 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු නේවාසික පුහුණු කඳවුරට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වන අතර ඔවුන් අතර ‘ඒ’ සහ ‘නැගී එන’ කොන්ත්‍රාත් කාණ්ඩ යටතේ ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයෝ වෙති.

කොළඹ රැඳී සිටින ක්‍රීඩකයින් 13 දෙනා හෙට (ජූලි 02) දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කරන අතර එම කඳවුර ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. එම ක්‍රීඩකයින් 13 දෙනා අතර ඩිල්ෂාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රභාත් ජයසූරිය සහ මාලින්ද පුෂ්පකුමාර ඇතුළත්ව සිටිති.

මසකට ආසන්න කාලයක් දඹුල්ලේ ක්‍රියාත්මක වන නේවාසික පුහුණු කඳවුර ලබන 22 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. එයට ශ්‍රී ලංකා ‘ඒ’ සහ ‘නැගී එන’ කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ කොළඹ ජෛව බුබුලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් – ඩිල්ෂාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රභාත් ජයසූරිය සහ මාලින්ද පුෂ්පකුමාර.

දඹුල්ල ජෛව බුබුලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් – ළහිරු උදාර (‘ඒ’ කාණ්ඩය), නිශාන් මදුශ්ක (‘ඒ’ කාණ්ඩය), සංගීත් කුරේ (‘ඒ’ කාණ්ඩය), සදීර සමරවික්‍රම (‘ඒ’ කාණ්ඩය), කමිල් මිශාර (‘ඒ’ කාණ්ඩය), මිනෝද් භානුක (‘ඒ’ කාණ්ඩය), කමිඳු මෙන්ඩිස් (‘ඒ’ කාණ්ඩය), සුමින්ද ලක්ෂාන් (‘ඒ’ කාණ්ඩය), ඩිල්ෂාන් මධුශංක (‘ඒ’ කාණ්ඩය), මොහොමඩ් ශිරාස් (‘ඒ’ කාණ්ඩය), නුවනිඳු ප්‍රනාන්දු (නැගීඑන),   නිපුන් ධනංජය (නැගීඑන), ශමින්ද ප්‍රනාන්දු (නැගීඑන), ශම්මු අශාන් (නැගීඑන), සහන් ආරච්චිගේ (නැගීඑන), උදිත මදුශාන් (නැගීඑන), කලන පෙරේරා (නැගීඑන), නිමේෂ් විමුක්ති (නැගීඑන), මහේෂ් තීක්ෂණ (නැගීඑන), චාමික ගුණසේකර (නැගීඑන), නුවන් තුෂාර (නැගීඑන), අෂේන් ඩැනියෙල් (නැගීඑන), හිමේෂ් රාමනායක (නැගීඑන), ළහිරු සමරකෝන් (නැගීඑන), ලසිත් අබේරත්න (නැගීඑන), පුලින තරංග (නැගීඑන).

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest