slc
logo
Home   |    News
ජූලි 5, 2021
තෙවැනි තරගය වර්ෂාවට සේදෙයි

sinhala editor

එංගලන්ත තරග සංචාරය අවසානය සනිටුහන් වුණු තෙවැනි එක්දින තරගයට අයහපත් කාලගුණය හරස්වීම හේතුවෙන් තරගය ප්‍රතිඵලයකින් තොරව අද (04 දා) නිමාවට පත්විය. ඒ වන විටත් සිය ඉනිම ක්‍රීඩා කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 166 ක් ලබා සිටියේය.

පන්දුවාර 41 කුත් පන්දුවකදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. තරගය යළිත් ආරම්භ කිරීමට නොහැකි තරම් වූ ජල කඳක් ක්‍රීඩාංගණය පුරා පතිතව තිබූ හෙයින් යළිත් තරග ආරම්භ කිරීමේ අවස්ථාව විනිසුරුවන්ට නොහැකි වූයෙන් තරගය අත හැර දැමීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් මෙම තරගාවලිය ප්‍රතිඵල රහිත වුවත් පළමු තරග 2ම ජයගෙන සිටින සත්කාරක එංගලන්ත කණ්ඩායම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත්ව සිටියේය.

ලෝක කුසලාන සුපිරි ලීගය යටතේ පැවැති තරගයක් වූයෙන් මෙය ප්‍රතිඵල අහිමිවීම මත දෙපිළටම ප්‍රසාද ලකුණු 5 බැගින් පිරිනැමිණ. එබැවින් මෙතෙක් එම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු 5 ත් සමඟ එම ශ්‍රේණිගත කිරීමෙහි 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතර තුරදීත් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. 32 වැනි පන්දුවාරයෙන් පසුව තරගය තාවකාලිකව නවතාලීමට විනිසුරුවන්ට සිදුවූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා පිල ඉදිරි පෙළ කඩුලු 8 අහිමිකරගෙන සිටියේ ලකුණු පුවරුව 132 ක් ව සටහන්ව තිබියදීය.

යළිත් තරගය ආරම්භ කිරීමේදී වැටී සිටි ආගාධයන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට නොහැකි වුවත් ලකුණු පුවරුව ලකුණු 34 කින් පෝෂණය කිරීමට දසුන් ශානක සමත්වූවේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා වූ අසිත ප්‍රනාන්දු දුවද්දී දැවී යෑමකට ලක්වීමෙන් ශ්‍රී ලංකා ඉනිම හමාර වුවද තම අන්තය ආරක්ෂා කරගත් ශානක ලකුණු 48 ක් ලබාගෙන සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු වූයේ ක්‍රිස් වෝක්ස් නමුත් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ සෑම් කරන්ගේ සහෝදරයා වන ටොම් කරන්ය. නායක කුසල් පෙරේරාගේ කඩුල්ල වෝක්ස්ගේ නමින් සටහන් වුවද පන්දු යවන්නාගේ දක්ෂතාවයට වඩා පහර එල්ල කරන විට පිතිකරුගේ පාද චලනයේ වූ දුර්වලතාවය එම දැවී යෑමට හේතු විය. ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩිම හානියක් කළ ටොම් කරන් ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ඔහුට අමතරව වෝක්ස් ලකුණු 28 කටද ඩේවිඩ් විලී ලකුණු 36 කටද කඩුලු 2 බැගින් දවාළූහ.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee