slc
logo
Home   |    News
ජූලි 14, 2021
දෙවැනි එල්.පී.එල්.තරගාවලිය වඩාත් සාර්ථක අයුරින්….

Sri Lanka Cricket

ලබන නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වෙන දෙවැනි එල්.පී.එල් (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය මෙහි පැවැති පළමු එල්.පී.එල් තරගාවලියට වඩා බෙහෙවින් සාර්ථක වන ලකුණු මේවන විට පහළව තිබේ.

ලොව නම් දරා සිටින දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම දෙවැනි තරගාවලියට සහභාගිවන අතර අනුග්‍රාහක සමාගම්හි දායකත්වය සහ අනෙකුත් සියළුම අංශයන්ගෙන් දෙවැනි එල්.පී.එල් තරගාවලිය ඉදිරියෙන් සිටී.

මෙහිදී වඩාත්ම කැපී පෙනෙනුයේ ක්‍රීඩකයන් ලියාපදිංචි වීම සඳහා දක්වන උනන්දුවය. මේ තරගාවලිය කළින් මේ මස 29 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණත් නොවැම්බර් 19 වැනිදා දක්වා කල්දැමීමෙන් තවත් ක්‍රීඩකයන් රැසකටම මෙහි ලියාපදිංචි වීමේ අවස්ථාව උදාවී ඇත්තේ ඔවුන් ජූලි-අගෝස්තු මාසයන්හි ජාතික කණ්ඩායම් නියෝජනය කරමින් වෙනත් තරගාවලියන්ට සහභාගි වන හෙයිනි.

වැඩිපුර ප්‍රබල ක්‍රීඩකයන්ගේ දායකත්වය හිමිවන හෙයින් අනුග්‍රාහක අයි.පි.ජී සමාගමද තරගාවලිය නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා කල්දැමීමේ යෝජනාවට එකගත්වය පළකර තිබේ. ඉන්දියාව,එංගලන්තය,ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන කණ්ඩායම් හි ක්‍රීඩකයන් රැසකටම කළින් යෝජිත දිනයන්හි ක්‍රීඩා කිරීම සඳහා ලියාපදිංචිවීමට නොහැකිවූයේ ඔවුන් වෙනත් තරගාවලියන්ට මේ දිනවල සහභාගි වන හෙයිනි. එහෙත් එම කණ්ඩායම්වල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම වසර අග මෙහි තරගාවලියට සහභාගිවනු ඇත‍.

ලොව දක්ෂම තුන් ඉරියම් ක්‍රීඩකයන් වන ෂකීබ් අල්හසන්,ජේම්ස් ෆෝක්නර්,නිකලස් පුරාන්, ෂෙල්ඩන් කොට්රල්, උස්මාන් කවජා, බෙන් කටන්, ටෙම්බා බවුමා,බ්‍රෙන්ඩන් ටේලර්,ටමීම් ඉක්බාල්,ෂර්ෆේන් රදර්ෆර්ඩ්,ටබ්රයිස් ෂම්ස මේ සඳහා කළින්ම ලියා පදිංචිව සටියහ. .

බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන්, ටමීම් ඉක්බාල්,මෙහෙඩි හසන්,ටස්කින් අහමඩ්, ලින්ටන් දාස් සහ සෞම්‍ය සාකර් යන ප්‍රබලම ක්‍රීඩකයන් මේ මස පැවැත්වෙන තරගාවලියට කලින් ලියාපදිංචිව සිටියත් පසුව ඔවුන්ගේ  සේවය ජාතික කණ්ඩායමට අවශ්‍ය බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියත් නව දින අනුව මොවුනට නැවතත් එල්.පී.එල් තරාගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාව ඇත‍.

ටෙම්බා බවුමා, රිලී රොසවු, ඩේවිඩ් වයිස්, ජෝන්ට්‍රෙවර්, මෝන් මෝකල්,රැසි වැන්ඩර් ඩුසේන්, කෙසව් මහරාජ්, ටැබ්රයිස් ෂම්සි, හාඩස් විල්ජෝන් (දකුණු අප්‍රිකාව) උස්මාන් කවජා, බෙන්කටින්,ජේම්ස් ෆෝක්නර්, බෙන් ඩන්ක්, කැලම් ෆර්ගියුසන් (ඕස්ට්‍රේලියාව) ෂර්ෆේන් රදර්ෆර්ඩ්,නිකලස් පුරාන්, ෂෙල්ඩන් කොට්රල්,රයාඩ් එමිරිට්,රවි රම්පෝල්, ඩ්වේන් ස්මිත්, ඩෙනෙෂ් රම්ඩීන්, ජොන්සන් චාල්ස්, රවුමන් පවල් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) හැරිස් සොහේල්, වකාස් මක්ෂුඩ්, මුහ්මඩ් හස්නේන්, මොහොමඩ් ඉර්ෆාන්, ෂොයිබ් මක්ෂූඩ්, ෂාන් මසුඩ්,අන්වර් අලි, අමාඩ් බට් (පාකිස්තානය) අස්ගර් ඇෆ්ගන්, මොහොමඩ් ෂාසාඩ්, තජිබුල්ල සඩ්රන්, නවීන් උල්හක්, උස්මාන් සින්වාරි, රහ්මනුල්ලා ගුර්බාන්, හස්රටුල්ලා සසායි, සින්වාරී, කයිස් අහමඩ් (ඇෆ්ගනිස්ථානය) එල්.පී.එල් තරගාවලියට කලින්ම ලියාපදිංචිව සිටියත් මේ සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවනු ඇත.

දෙවැනි එල්.පී.එල්. තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට සියළු විධිවිධාන යොදා තිබේ.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
  • සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ […]
USD United States (US) dollar

Pin It on Pinterest