slc
Home   |    News
ජූලි 9, 2021
LPL දෙවැනි අදියරයේ දින වෙනසක්

sinhala editor

මෙම මස 29 වැනිදා ආරම්භ කිරීමට අපේක්ෂා කළ ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර කාලසටහන නැවත සකස් කරමින් ලබන නොවැම්බර් මස 19 වැනිදා සිට දෙසැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

තරග කාලසටහනේ සිදුකරන ලද සංශෝධනය හරහා ලොව ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රීඩකයින්ට LPL තරගාවලියේ දෙවැනි අදියර නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බව තරගාවලි සංවිධායක කමිටුවේ අදහස වී තිබේ.

LPL තරගාවලියේ දෙවැනි අදියර පැවැත්වීමට අපේක්ෂා කළ කාල සීමාවේදී රටවල් කිහිපයකට ජාත්‍යන්තර තරග සංචාර මෙන්ම LPL තරගාවලිය හා සමානම ලීග් ක්‍රිකට් තරගාවලි කීපයක්ම පැවැත්වීමට කටයුතු යෙදී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මෙකී තීරණයට එළැඹීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ලද මෙම තීරණයට එල්.පී.එල්. තරගාවලියේ නිල ප්‍රවර්ධයක ආයතනය වන නවෝත්පාදන නිෂ්පාදන සමාගම (IPG) ආයතනයද සිය කැමැත්ත පළ කර සිටියි.

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ තීරණයට අයි.පී.ජී. සමාගමේ පූර්ණ සහාය ලබා දෙනවා. ලීගයේ සාර්ථක භාවය තමයි අපිට අතිශයින්ම වැදගත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ශ්‍රී ලංකා රජයට, ක්‍රීඩකයින්ට, කණ්ඩායම් හිමිකරුවන් සහ අනුග්‍රාහකයින්ට මේ සඳහා දැක්වූ සහයෝගයට ඔවුන්ට මා ස්තූතිවන්ත වෙනවා” යැයි LPL  තරගාවලියේ නිල ප්‍රවර්ධන අයිතිය හිමි IPG සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරනු ලබන අනිල් මොහාන් මහතා සඳහන් කර සිටියි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest