slc
Home   |    News
අගෝස්තු 25, 2021
අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතයට ක්‍රීඩකයින් 26 ක්

sinhala editor

ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත අවුරුදු 19 න් පහළ ජාතික පුහුණු සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා කනිෂ්ට තේරීම් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනාගේ තෝරා ගැනීම සිදුව තිබේ.

දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද වැඩසටහනේදී තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනාගෙන් මෙම ක්‍රීඩකයින් 26 තෝරාගැනීමට පියවර ගෙන තිබේ.

අවසන් සංචිතය තෝරා ගැනීමට පෙර මූලිකව තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනා මහනුවරදී  නේවාසික පුහුණු වැඩසටහනකට භාජනය වූ අතර එහිදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් පුහුණු සැසි කීපයකටම යොමු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුපිරි පළාත් වල නම් හෙවත් කොළඹ උතුර, කොළඹ දකුණ,  දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන පළාත් කණ්ඩායම් ආවරණය වන පරිදි වූ කණ්ඩායම් 5 කට බෙදා මෙම නේවාසික පුහුණුව පවත්වන ලදී.

මෙම නේවාසික පුහුණු වැඩසටහනට සහභාගිවුණු සෑම ක්‍රීඩකයකු කෙරෙහිම කණිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජිකයින් ඉතා සමීපව කටයුතු කිරීම විශේෂත්වයක් විය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest