slc
Home   |    News
අගෝස්තු 14, 2021
එක් වෙනස්කමක් සමඟින් ‘ග්‍රේස්’ පන්දුවට පහර දෙයි

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තෙවැනි තරගය වන ග්‍රේස් සහ රෙඩ්ස් අතර තරගයේ කාසිය වාසිය දිනා ගත් ග්‍රේස් නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙය දසුන් කාසියේ වාසිය පිට පිටම දිනූ දෙවැනි අවස්ථාව ලෙසින් සටහන් විය.

මෙම කණ්ඩායම් දෙක අතරින් ග්‍රේස් පිල ජයග්‍රහණයක් වාර්තා කරමින් අවතීර්ණ වද්දී රෙඩ්ස් පිල, බ්ලූස් පිලට එරෙහිව පැවැති තරගය ලකුණු 56 කින් පරාජයට පත්විය. කෙසේ වෙතත් අද තරගයේදී රෙඩ්ස් පිල කිසිදු වෙනස්කමක් නොකරමින් තරගයට අවතීර්ණ වද්දී ග්‍රේස් පිල එක් වෙනස් කමක් සිදු කොට තරගයට අවතීර්ණ ව සිටියි. පළමු තරගයට ක්‍රීඩා කළ දකුණත් වේග පන්දු යවන උදිත් මදුශාන් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු ලසිත් කෲස්පුල්ලේව කැඳවමින් ග්‍රේස් පිල අද තරගයට අවතීර්ණව සිටියි.

ග්‍රේස් – මිනෝද් භානුක, කමිල් මිශාර, ලසිත් කෘස්පුල්ලේ, දසුන් ශානක (නායක), චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, පුලින තරංග, අෂේන් ඩැනියල්, නුවනිඳු ප්‍රනාන්දු

රෙඩ්ස් – දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, ඕෂද ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ලසිත් අබේරත්න, සීකුගේ ප්‍රසන්න, හිමේෂ් රාමනායක, අකිල ධනංජය, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest