slc
Home   |    News
අගෝස්තු 20, 2021
ක්‍රීඩකයින් 18 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනමයි

sinhala editor

2021 වසරේ අගෝස්තු 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනෙකු සඳහා කොන්ත්‍රාත් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. නව කොන්ත්‍රාත්තුව මාස 5 ක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර එය 2021 වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වේ. තාක්ෂණික උපදේශක කමිටුව සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද මෙම කොන්ත්‍රාත්තුවට කිසිදු විරෝධතාවයක් නොමැතිව ක්‍රීඩකයින් අත්සන් තබා තිබේ.

අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී තේරීම් මණ්ඩලය විසින් ක්‍රීඩකයින්ව කාණ්ඩ හතරක් යටතේ තෝරා ගැනීම් සිදුකර තිබෙන අතර දක්ෂතාවය, ශාරීරික යෝග්‍යතාවය, නායකත්ව, ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය, හැසිරීම් මාලාව සහ අනාගතය සඳහා වන අනුවර්තනය යන නිර්ණායකයන් මත පදනම්ව ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

මෙහිදී එක් එක් ක්‍රීඩකයින්ට පිරිනමන ලද ලකුණු ඔවුනොවුන් අතර හුවමාරු කර ගැනීම සඳහා ඉඩ කඩ ලබාදීමට පියවර ගැනීමෙන් පෙර ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත්තුවට අත්සන් තබනු ලැබීය.

මේ අතර මීට පෙර කොන්ත්‍රාත්ගතව සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉකුත් මාස කීපයේදීම තේරීම් සඳහා සලකා බැලීමට නොහැකි වූ බැවින් ඔහුව කොන්ත්‍රාත්තු අත්සන් කිරීම සඳහා ඇතුළත් කොට නොමැත. ඊට අමතරව දැනට තහනමට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකවද මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව නොමැති අතර ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියට සමුදී තිබේ.

කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද ක්‍රීඩකයින් – ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, අෂේන් බණ්ඩාර, අකිල ධනංජය

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest