ජාතික පිලේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් 19 වෛසරය ආසාධනය වී තිබෙන බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ඊයේ (15 වැනිදා) දිනයේදී ක්‍රීඩකයින් වෙනුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාධනය වී තිබෙන බවට වාර්තාවල සඳහන් වේ.
මෙම තත්ත්වය මත කොවිඩ් 19 වෛරසය වැළදීමෙන් පසු අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාලාවන්ට අනුව කුසල්ව යොමු කිරීමට පියවර ගෙන තිබේ.