slc
Home   |    News
අගෝස්තු 18, 2021
දසුන්ගේ ග්‍රේස් කණ්ඩායම සිව්වැනි ජයත්  ලබයි

sinhala editor

Chamila Karawita reporting from Pallakale

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට සීමා වෙමින් පැවැති තරගයේ දසුන් ශානක පන්දු 22 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 55 ක ඉනිම හේතුවෙන් අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක ජයක් අත්කර ගැනීමට අද (18 දා) සමත්විය. ඩයලොග් SLC ක්‍රිකට් තරගාවලියේදී ග්‍රේස් කණ්ඩායම පිට පිටම වාර්තා කරන ලද සිව්වැනි ජයග්‍රහණය බවට මෙය පත්වද්දී ග්‍රීන්ස් කණ්ඩායම පිට පිටම ලද සිව්වැනි පරාජය ලෙසින් සනිටුහන් විය.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 13 කට සීමා වෙමින් ඇරැඹි මෙම තරගයේදී ග්‍රීන් පිල පන්දුවට පහර දෙමින් සිටියදී යළිත් අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගය පන්දුවාර 10 දක්වා අඩු කෙරෙමින් පැවැත්විණ. එහිදී පන්දුවට පහර දුන් ග්‍රේස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 137 ක් ලබා ගත් නමුත් එම ඉලක්කය ඩක්වර්ත් ලුවිස් න්‍යාය හා ගැලපීමේදී ග්‍රීන් පිලේ ඉලක්කය පන්දුවාර 10 කදී 135 ක් ලෙසින් සටහන් විය. එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාාර 5 කුත් පන්දු 3 ක් යවා තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබාගත යුතු ඉලක්කය වූයේ ලකුණු 73 ක් වුවත් ග්‍රීන්ස් පිල ලබාගෙන සිටියේ ලකුණු 69 ක් බැවින් ලකුණු 4 ක ජයක් දසුන් ශානගේ ග්‍රේස් පිලට හිමිවිය.

ප්‍රහාරක ආරම්භයක් ලබා ගත් ළහිරු උදාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 10 කදී ලකුණු 33 ක් රැස් කළේය. පැතුම් නිස්සංකද පන්දු 12 කදී වේගවත් ලකුණු 21 ක් ලබා ගත්තද වර්ෂාවට පෙර යවන ලද පන්දුවේදී ස්ටම්ප් කිරීමකට හසුවිය.

මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 3 ට ලකුණු 43 ක් තිබියදී පිටියට පිවිසි නායක දසුන් ශානක කමිල් මිශාර සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩ නංවමින් ග්‍රේස් ලකුණු පුවරුව ඉහළ දැමූහ. එහිදී මිශාරගේ දායකත්වය පන්දු 24 කදී ලකුණු 46 ක් විය. ඉනිම අවසන් වන තෙක්ම දසුන් ශානකට සහයෝගය ලබා දුන් මිශාර තම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් කරගත්තේය. දසුන්ගේ ප්‍රවේගකාරී ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානයට මං පෙත් විවර කර දුන්නේය.    

ග්‍රේස් පිල වෙනුවෙන් ඉනිම ඇරැඹි ලසිත් කෲස්පුල්ලේ පළමු පන්දුවාරය යැවූ නුවන් තුෂාරට එරෙහිව හයේ පහරක් සහ තවත් හතරේ පහර 2 ක් ද සමඟ ලකුණු 16 ක් අනෙක් පන්දුවාරය ක්‍රීඩා කළ කමිල් මිශාර හතරේ පහර 3 ක් සමඟින්  ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර අනෙක් අන්තයේ වූ කමිල් මිශාර සමඟ එක්ව දෙවැනි පන්දුවාර 2 අවසන් වන විට ග්‍රේස් ලකුණු පුවරුව 32 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ. විශ්ව ප්‍රනාන්දු යවන ලද තෙවැනි පන්දුවාරයේ ඇතුළත ලසිත් කෲස්පුල්ලේ සහ චරිත් අසලංකගේ කඩුලු දවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වීමට ග්‍රීන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. පිතිකරණ පිළිවෙළේ වෙනසක් කරමින් අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි මිනෝද් භානුකද සීමා ඉරෙන් ඉදිරියට පැන පහර එල්ල කිරීමට යෑමේදී ස්ටම්ප් කිරීමකට හසුවිය. එතැන් පටන් වර්ෂාවෙන් තරගයට බාධා පැමිණී අතර තරගය තාවකාලිකව නතර කර දැමීමට විනිසුරුවෝ කටයුතු යෙදූහ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest