slc
Home   |    News
අගෝස්තු 15, 2021
ධනංජය – චරිත් – චාමික පුහුණුවීම් අරඹති

sinhala editor

ඉන්දීය තරග සංචාරයෙන් පසු දින කීපයක් විවේක ගැන්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් අද (15 දා) පසුවරුවේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ.

ඩයලොග් SLC ආරාධිත ක්‍රිකට් තරගාවලිය යටතේ ධනංජය ද සිල්වා බ්ලූස් පිලේ නායකයා ලෙසද, චරිත් අසලංක ග්‍රේස් පිලේ උප නායකයා ලෙසද කටයුතු කරන අතර චාමික කරුණාරත්න රෙඩ්ස් පිල නියෝජනය කරති. ඒ අනුව මොවුන් තිදෙනා ඊයේ (14 වැනිදා) මහනුවරට පැමිණි අතර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව අද දිනයේදී පුහුණුවීම් වලට සහභාගිවී සිටියහ. අදාළ පුහුණුවීම් ඔවුන් තිදෙනා අතරට පමණක් සීමා වෙමින් පැවැත්වීමද විශේෂත්වයකි.

ඊට අමතරව අද දිනයේදීද සියළුම ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් පී. සී. ආර්. පරීක්ෂණ පැවැති අතර ඔවුන් තිදෙනාද ඊට අයත් විය. ඒ අනුව එම පී.සී.ආර්. පරීක්ෂණයෙන්ද ඔවුන් තිදෙනා සමත් වන්නේ නම් ඔවුන්ට හෙට තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

පළමු තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ධනංජයට අහිමි වූ නමුත් එහි උප නායකයා ලෙස කටයුතු කරන ලද ඇන්ජලෝ පෙරේරා තාවකාලිකව නායකත්වය දරමින් එම තරග 2 ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest