slc
logo
Home   |    News
අගෝස්තු 16, 2021
පරාජිතයින්ගේ සටනේ කාසියේ වාසිය ග්‍රීන්ස් පිලට

sinhala editor

ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් අද (16 දා) දිනයේ පැවැත්වෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනූ ග්‍රීන්ස් නායක අශාන් ප්‍රියන්ජන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙපිළම මෙතෙක් තරගාවලියේ එකම හෝ ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත්ව සිටින බැවින් අද තරගයේ ජය ගනු ලබන කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට වරම් ලබනු ඇත. දෙපිළම මෙම තරගය සඳහා පෙර තරගයට සහභාගිවුණු කණ්ඩායමේ වෙනස්කම් 2 බැගින් සිදුකරමින් තරගයට අවතීර්ණව සිටිති. ග්‍රීන්ස් කණ්ඩායම මහේල උඩවත්ත සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට ක්‍රිෂාන් සංජුල සහ නුවන් තුෂාරවද රෙඩ්ස් පිල ලසිත් අබේරත්න සහ හිමේෂ් රාමනායක වෙනුවට චාමික කරුණාරත්න සහ මුදිත ලක්ෂාන්ව කැඳවමින් අවතීර්ණව සිටිති.

ග්‍රීන්ස් – පැතුම් නිස්සංක, ළහිරු උදාර, අශාන් ප්‍රියන්ජන් (නායක), කමිඳු මෙන්ඩිස්, ක්‍රිෂාන් සංජුල, රමේෂ් නේඩිස්, සම්මු අශාන්, ඉෂාන් ජයරත්න, ළහිරු කුමාර, සුමින්ද ලක්ෂාන්, නුවන් තුෂාර

රෙඩ්ස් – අවිෂ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල් (නායක), අසේල ගුණරත්න, ඕෂද ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, සීකුගේ ප්‍රසන්න, ප්‍රභාත් ජයසූරිය, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, මුදිත ලක්ෂාන්.  

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest