slc
Home   |    News
අගෝස්තු 17, 2021
පිතිකරුවන් අතර කමිඳුත් පන්දු යවන්නන් අතර සීකුත් පෙරමුණේ

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටය යටතේ ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී පිතිකරුවන් අතර කමිඳු මෙන්ඩිස්ද පන්දු යවන්නන් අතර සීකුගේ ප්‍රසන්නද පෙරමුණ ගැනීමට සමත්ව සිටිති.

ලීග් තරග වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 3 කට සහභාගිවී සිටින අතර එහිදී ග්‍රීන්ස් පිල නියෝජනය කරනු ලබන කමිඳු මුලු ලකුණු 193 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 96.50 ක් රඳවා තබා ගනිමිනි. ක්‍රීඩා කරන ලද ඉනිම 3 ම අර්ධ ශතක බවට පරිවර්තනය කර ගැනීමට සමත්ව සිටින දකුණත් පිතිකරුවාගේ ප්‍රාහාරත්මක වේගය සටහන් වන්නේ 167.82 ක් ලෙසිනි. පිතිකරුවකු ලෙස කමිඳු දක්ෂාත අතරට පැමිණියද ඔහු ක්‍රීඩා කරන ග්‍රීන්ස් කණ්ඩායම මෙතෙක් තරගාවලියේ එකම තරගයක්හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත්වීමද කැපී පෙනෙයි. වැඩිම ලකුණු ලෙස ග්‍රේස් පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 74 සටහන් කරගෙන සිටින කමිඳු මෙතෙක් තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරන ලද පිතිකරුවන් අතරද පෙරමුණේ පසුවෙයි. මෙතෙක් ඔහු එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 8 ක් වන අතර ඔහුට පසුව හයේ පහර 7 බැගින් අවිෂ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක එල්ල කර තිබේ.

පන්දුයවන්නන් අතර රෙඩ්ස් කණ්ඩායමේ  සීකුගේ ප්‍රසන්න කඩුලු 6 ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 10.50 ක් ලෙස සටහන් කර ගනිමිනි. පන්දුවාරයකට ලකුණු 5.25 ක් පමණක් ලබාදීමට වග බලා ගෙන ඇති පා දඟ පන්දු යවන්නාට දෙවැනිව කඩුලු 5 බැගින් බිඳ හෙලා ඇති නුවන් ප්‍රදීප් සහ පුලින තරංග පසුවෙයි.

මේ අතර ප්‍රසාද ලකුණු සටහනට අනුව මෙතෙක් තරග වැදි තරග 3 ම ජයගෙන සිටින දසුන් ශානකගේ ග්‍රේස් පිල එහි පෙරමුණ ගෙන සිටින අතර ධනංජය ද සිල්වා නායකත්වය දරන බ්ලූස් දෙවැනි ස්ථානයෙත් එක් ජයග්‍රහණයක් ලබා සිටින දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිල තෙවැනි ස්ථානයත් පසුවන්නේය. ඒ අනුව හෙට (18 දා) පැවැත්වෙන තරග අතර ග්‍රේස් පිල අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් පිල ප.ව. 7.00 ට මුණ ගැසෙන අතර ඊට පෙර රෙඩ්ස් සහ බ්ලූස් පිල ප.ව. 2.30 ට තරග වැදීමට නියමිතය.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest