slc
Home   |    News
අගෝස්තු 12, 2021
සමාරම්භක තරගයට වර්ෂාවෙන් බාධා

sinhala editor

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට පස්වරුවේ ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය වන දසුන් ශානකගේ ග්‍රේස් සහ අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් අතර තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිව තිබේ.

ප.ව. 1.30 ට පමණ ක්‍රීඩාංගණය වසා තිබූ වැසි ආවරණ ඉවත් කිරීමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය පියවර ගත් නමුත් මිනිත්තු කීපයකට පසු යළිත් වර්ෂාව ඇද හැළීම නිසා එම ආවරණ යළි වසා දැමීමට සිදුවිය. කෙසේ වෙතත් එතැන් පටන් මේ දක්වාම වර්ෂාව ඇද හැළෙමින් පවතියි.

අද පැවැත්වීමට නියමිත දෙවැනි තරගය ධනංජය ද සිල්වාගේ බ්ලූස් සහ දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් අතර ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest